03 වන දිගහැරුම

88 21 25
                                    




"මෙතන මොනාද වෙන්නේ ලමයි..?" තදනිල් පාට හන්බොක් එකකින් සැරසිලා හිටිය ඒ සෙල්ලක්කාර තරුණයාගේ කටහඬ නිසා ඉවැන්ජලින් තවත් නොසන්සුන්වුණා.

(තරුණයාව නෙවේ, හන්බොක් එක බලන්න

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

(තරුණයාව නෙවේ, හන්බොක් එක බලන්න.හන්බොක් එක පෙන්නන්නයි ෆොටෝ එක දාන්නේ. තරුණයා හදුනානොගත් තරුණයෙක්. දැක්කානේ? ඇස් වහලා තියෙන්නේ. අදුරන්නම බැහැ)

"ඕහ්.... මේ කවුද මේ?" ඒ තරුණයාගේ ඇස්වල නම් තිබ්බේ පුදුමාකාර සමච්චල් සහගත බවක්. "ඕ... අන්න්‍යොන්ග්... මගේ නම ඉවැන්ජලින්..." ඉවැන්ජලින්ගේ නොසන්සුන් තොල්පෙති අතරින් පිටවුණේ ඒ තරුණයාගේ ඇස් දිහා අමාරුවෙන් බලද්දී. "හ්ම්ම්... ඉවෑන්ජලීන්? කොහෙන්ද ආවේ? හොග්වෝට්ස්? අප්පෝ....... ඒ කුණුගොඩෙන් එලියට දාන කුණු කෑලි මෙහෙ එවනවද?" තව දුරටත් තමන් මිතුරෙක් ද? හතුරෙක් ද? යන වග වසන් කරන්නේ නැතුවම ඒ තරුණයා එහෙම ඇහුවේ කිසිම පැකිලීමකින් තොරව. "අ... මම ඇත්තටම දන්නේ නැහැ හොග්වෝට්ස් කියන්නේ මොකක්ද කියලා... සමාවෙන්න.. ඇත්තටම මේ.." ඉවැන්ජලින් ආයේ කතා කරන්න උත්සාහ කලේ මොනා කියන්න ද කියලා හිතාගන්න බැරුව. මොකද ඉතිං.. එයා හිතුවට වඩා මේ ලමයි ගොඩක් නරක නිසා.

"තමුන් හරි අමුතුයිනේ... කොහොමවුණත් මේ ජොන්ග් ජොන්ග්කුක්ගේ බර්ත්ඩේ පාටි එකට අනවසරයෙන් ආවට නම් තමුන්ට මොකක්ම හරි දඩුවමක් දෙන්න ඕනේ..." ඒ තරුණයාගේ තොල් අතරින් එහෙම පිටවෙද්දී, අර තරුණියෝ දෙන්නා මහා සද්දෙන් හිනාවුණේ හරිම සතුටින්. ඉවැන්ජලින් ඒ තරුණයා දිහා බලාගෙන හිටියේ පුදුමවෙලා. මේ මනුස්සයා මොනාද මේ කියවන්නේ? එයාට හිතුණේ එහෙමයි. එයා කිසිම දෙයක් නොකියා ගල්වෙලා වගේ බලාගෙන හිටියේ කියන්න ඕනේ මොනාද කියලා හිතාගන්න බැරුව. මොකද... මොනා කියන්නත් එයාට මේ වෙලාවේ වචන මතක්වුණේ නැහැ. එයා ඒ තරම් ම බයවෙලා හිටියේ. මොකද එයාලා දඬුවමක් දෙනවා කියලානේ කිව්වේ. "හරි.. දඬුවම ගැන පස්සේ බලමු.." අර තරුණියෝ දෙන්නාගේ උරහිස්වලින් තමන්ගේ අත් ගත්ත තරුණයා ඉවැන්ජලින් ලගට ලංවුණේ ඉවැන්ජලින්ගේ හිතේ තරමක් අමුතු හැඟීම් ගොඩක් එකතුකරන ගමන්. "මුලින්ම කියනවා.. තමුන් මොනාද මෙහෙ කරන්නේ? සොන්ග්හ්‍යොන් වලට අලුතෙන් ලමයි ගන්නවා කියලා අපි දැනගෙන හිටියේ නැහැනේ. අනික තමුන් පලමු වසර ලමයෙක් නෙවේ කියලා බලපු ගමන් පේනවානේ ඉතිං. තමුන් කොහොමද මෙහෙට කඩාගෙන පාත්වුණේ?" ඒ තරුණයා එහෙම ඇහුවේ ඉවැන්ජලින්ගේ කම්මුල් අතර විහිදිලා තිබුණ තද දුඹුරු පැහැති කෙහෙරැල්ලක් එයාගේ කන පිටිපස්සට කරන ගමන්. ඉවැන්ජලින් දැක්කා, එයාගේ ඉස්සරහා හිටිය තරුණියෝ දෙන්නා නම් ඉරිසියාවේ පුපුර පුපුර ඉන්නවා ඒක දැකලා.

𝐒𝐞𝐨𝐧𝐠𝐡𝐲𝐞𝐨𝐧: sᶜʰᵒᵒˡ ᴏᶠ ᴡⁱᶻᵃʳᵈ ᴀⁿᵈ ᴡⁱᵗᶜʰᶜʳᵃᶠᵗ Où les histoires vivent. Découvrez maintenant