02 වන දිගහැරුම

65 20 10
                                    

"මම... ශිෂ්‍යත්වයකට කැමතියි.."

'ඔයාලා දන්නවද? මට හිතාගන්න බැහැ මට කොහොමද මේ විදිහේ ශිෂ්‍යත්වයක් ලැබිලා තියෙන්නේ කියලා.. ඒත් මම මේ ශිෂ්‍යත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා කියලා පොරොන්දුවෙනවා. මම මේ ලමා නිවාසයත් දාලා යන්නයි හදන්නේ. මම ඉසබෙල්ට ලියුමක් දාලා මෙහෙ සිද්ධවුණ හැමදේම කිව්වා. ඒ වගේම තමයි... මගේ අලුත් ඇඩ්‍රස් එක එයාලට යැව්වා. සොන්ග්හ්‍යොන් ඉස්කෝලේ මම හිතනවා ඒක ගොඩක් හොද තැනක්වෙයි'

එදා උදෑසනම ඉවැන්ජලින්ව එයාගේ ලමා නිවාසෙන් අලුත් පාසලට එක්කගෙන යන්න අර කලින් ආව අමුත්තාම ඇවිත් හිටියේ. "මගේ නම සොන්ග් ජේරිම්. ඔයාගේ ගුරුවරයෙක් මමත්..  ඔයාට පුලුවන්... මට සොන්ග් ස්සෙම් කියලා කතා කරන්න. එතකොට.. හ්ම්ම්.. මේකයි... මට කියන්න තියෙන්නේ... ඔයා... මිස් තෝමස්... විශේෂ දේකට තේරිලා තියෙනවා. ඔයා මැජික් කියන දේ විශ්වාස කරනවාද?" ඒ කඩවසම් අමුත්තා ඉවැන්ජලින්ගේ බෑග් එකත් අරගෙනම පාරේ ඇවිදින ගමන්ම එහෙම ඇහුවේ කිසිම වෙනසක් නොපෙන්වා, ඒ තොල් අතර තිබ්බ හිනාව එක්කමයි. "මැජික්? මේකයි සොන්ග් ස්සෙම්... මම විද්‍යාව ඉගෙනගෙන තියෙන ලමයෙක් විදිහට විද්‍යාත්මකව තහවුරු කරන්න බැරි කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ.. මම හිතන්නේ මායාව කියලා කියන්නේ ඇස් බැන්දුම්වලට විතරයි.." ඉවැන්ජලින් පිලිතුරු දුන්නේ ගොඩක් විශ්වාසයකින්. "එහෙනම්.. දැන් ලෑස්තිවෙන්න... විද්‍යාත්මකව තහවුරු කරන්න බැරි දේවල් ගැන ඉගෙනගන්න" සොන්ග් මහත්මයා එහෙම කියලා ඉවැන්ජලින් දිහා බලපු විදිහ නම් ඒ තරම් හොද නැහැ.. එකපාරටම එයාලා ඇවිද ඇවිද හිටිය පාර මැදට පුදුමාකාර වේගේකින් ආවේ වෙන දෙයක් නෙවේ අශ්ව කරත්තයක්. තනි අශ්වයෙක්ව බැදපු මේ අශ්වකරත්තය අකුලන වහලයක් සහිත දෙදෙනෙකුට පමණක් අසුන්ගන්න පුලුවන් විදිහට හදලා තිබුණා. ඒ වගේම ඒ කරත්තයේ පුදුමාකාර පිරිසිදු බවක් තිබුණේ. ඒ වගේම තමයි අශ්වයෙක් හිටියට අසරුවෙක් නම් පෙනෙන්නට හිටියේ නැහැ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐒𝐞𝐨𝐧𝐠𝐡𝐲𝐞𝐨𝐧: sᶜʰᵒᵒˡ ᴏᶠ ᴡⁱᶻᵃʳᵈ ᴀⁿᵈ ᴡⁱᵗᶜʰᶜʳᵃᶠᵗ Where stories live. Discover now