01 වන දිගහැරුම

174 27 19
                                    

"හැමෝම පේළියට ඉන්න සද්ද නොකර!!!" මිස් ජේම්ස්ගේ තියුණු කටහඬ පොදු නිදන කාමරයේ දොරෙන් ඇතුලට ගියේ හරිම රළු විදිහට. පොදු නිදන කාමරය පාවිච්චි කරන හැමෝම වගේ රාත්‍රී නිදන ගවුම්වලින් හිටිය නිසා, පොදු නිදන කාමරයෙන් එලියට එන්න බයේ ගැහි ගැහී හිටියේ. මොකද ඉතිං මිස් ජේම්ස් ඒ වගේ හැසිරීම් අනුමත කරන්නේ නැහැ කවදාවත්ම. "It's ok. මේ දැන්ම හැමෝම එලියට එන්න. මට වැදගත් නිවේදනයක් දෙන්න තියෙනවා!" මිස් ජේම්ස් එහෙම කෑ ගහද්දී තරුණ ගැහැණු ලමයි ඔක්කොම එක ගුලියට පොදු නිදන කාමරයේ දොරෙන් එලියට දුවගෙන ගිහින් පිළිවෙලට තමන්ගේ පේලි හැදුනා. "ආයිශ් මැකී.. ඔයා ආයෙත් අගලක් උස ගිහින් ඉස්සරහට යනවා...." පේලිය හැදෙද්දී හැමදාම ඇහුණ කුනු කුනුව අදත් ඇහෙන්න ගත්තා. පේලියේ පිටිපස්සේ හිටිය කීප දෙනෙක්ගේම තොල් අතර හිනාවල් ඇදිලා ගියේ මැකී නිසා වගේම එයාට බනින ලීසා නිසා.

මහා බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නගරයේ පිහිටලා තිබුණ 'මේරි ඉසබෙල්' කියන ලමා නිවාසයේ එක්තරා රැයක් තමයි මේ ගතවෙන්නේ. ලමා නිවාසේ ප්‍රධානීතුමිය වුණ මිස් ජේම්ස්ට තමන් භාරයේ ඉන්න ලමයි ට කතා කරන්න ඕනේ කියන්නේ එයාට ඕනේ කරනවා ලමයි හැමෝම උසේ පිලිවෙලට ඉන්න. මොකද කිව්වොත් ඒකට එයා කැමතියි. එයා කැමති විදිහට තමයි ලමා නිවාසේ ජීවත්වෙන ලමයි ඉන්න ඕනේ. මේ තරුණ ගෑණු ලමයි යන්නේ විවිධ ඉස්කෝලවලට. ඉතිං ඒ ඉස්කෝලවල ලමයි මේ ගැන දැනගත්තාම නම් ඉතිං එයාලා අහනවා 'අපෝ... මොන මල විකාරයක් ද ඒ?' කියලා. ඒත් ඉතිං.. එයාලා ඒ කියන ඒ විකාරය සමහරවෙලාවකට නම් කොයිතරම් නම් විනෝදජනක ද කියන එක දන්නේ ලමා නිවාසයේ ජීවත්වෙන ලමයිම විතරයි. 'මේරි ඉසබෙල්' කියන ලමා නිවාසය අතිශයින්ම ගැහැණු ලමයින් වෙනුවෙන් විතරක් වෙන්වුණ තැනක්. ඒ වගේම ඒක ගොඩක් අනාත ගෑණු ලමයිගේ නිවහන වෙන්න තරම් වාසනාවන්ත තැනක් වුණා. එහෙම නැත්නම් ඒ ලමයිට හිසට වහලක් නැතුව තමයි ජීවත්වෙන්න වෙන්නේ. හරියටම කිව්වොත් මේ ලමා නිවාසය ගොඩක් සුවිශේෂි එකක්. මොකද කිව්වොත් මේ කියන 'මේරි ඉසබෙල්' ලමා නිවාසය ආරම්භ කරලා තියෙන්නේ කොයි තරම් ධනවත් මහත්මයෙක් ද කියනවා නම්.. 'මේරි ඉසබෙල්' කියන නමින් තවත් රටවල් කීපයකම ලමා නිවාස ආරම්භ කරන්න එයා පෙළඹිලා තියෙනවා. හ්ම්ම්... ඒක හිතන තරම් සරල දෙයක් නෙවේ.. ඇත්තටම එයා එහෙම කරලා තියෙන්නේ.. එයාගේ නැතිවුණ බිරිඳ වෙනුවෙන්. එයාගේ බිරිඳ මේරි ඉසබෙල් තරුණ කාලයේදිම අවාසනාවන්ත විදිහට මියගිහින් තියෙනවා. ඉතිං.. එයාට ඕනේවෙලා තියෙන්නේ අසරණ ලමයිට උදව් කරන්න. මොකද කිව්වොත් කාලයක් එයත් අනාත ලමයෙක් වෙලා ඉදලා තියෙනවා. ඒ වුණත් එයාටත් තරුණ කාලයේදීම අවාසනාවන්ත විදිහට මැරෙන්න සිද්ධවුණ නිසයි, එයාගේ ආශාව ඉෂ්ට කරන්න එයාගේ ස්වාමියා වුණ එඩ්වඩ් ඩැරන් මේ කියන ලමා නිවාස හදලා තියෙන්නේ. 

𝐒𝐞𝐨𝐧𝐠𝐡𝐲𝐞𝐨𝐧: sᶜʰᵒᵒˡ ᴏᶠ ᴡⁱᶻᵃʳᵈ ᴀⁿᵈ ᴡⁱᵗᶜʰᶜʳᵃᶠᵗ Where stories live. Discover now