ඇස් දෙක හීනි කරලා මගේ දිහා බලාගෙන ඉදලා මගේ අතින් ඇදලා ලගට ගත්තා මගේ ඉන වටේ අත් යවලා එයාගේ ඇගට තද කරගත්තා එතකොට කාමරේ දොර ඇරගෙන ආවේ හේසොක් මම යුංගිව ඈත් කරන්න හැදුවත් යුංගි මාව අතහැරියේ නැ

" මියානේ මම වැරදි වෙලාවක ආවේ ඕක ඉවර වෙලා හිමින් වරෙන් කන්න "

හොබී ආවාට වඩා වේගෙන් එහෙම කියාගෙන ගියා

" යුංගියා..... මාව අතහරින්නකෝ මට පරක්කු වෙනවා පූසෝ..."

" අද ඉන්න මාත් එක්ක..."

" යාහ්හ්.."

" හරි ඉතින් කෑගහන්න ඕන නැ යන්න ඉතින් දැන් "

යුංගි මාව අතහැරලා කිව්වා අනේ ඉතින් මගේ කියුට් පූසා

" අද නොයා ඉන්න බැ පූසෝ මම කෝල් එකක් දෙන්නම් "

මම එහෙම කියලා එන්න හදනකොට ආපහු අතින් අල්ලලා නැවැත්තුවා

" වේ....."

" පරිස්සමින් "

මම හා කියන්න ඔලුව වනලා ඉක්මනට ගෙදරින් ආවේ අනිත් සෙට් එකගේ කුප්ප කතා අහගෙන ඉන්න බැරී නිසා

Author Pov

" මම කිව්වා සනියා ඔහොම දෙයක් වෙයි කියලා "

සුකී කිව්වේ බැල්කනියට වෙලා ඉන්න සනාට කොෆි එකක් දික් කරන ගමන්

" මම හිතුවේ නැ සුකී යුන්හී එහෙම හැසිරෙයි කියලා "

සනා කිව්වේ අහස දිහා බලාගෙන සනා සුකීගෙන් යුන්හීගෙ ගෙදර තියෙන තැන අහගෙන යුන්හී හම්බවෙන්න ගියා යුන්හී සුකී දෙන්නාම එකම යුනි එකේ නිසා සුකීට යුන්හී ගැන හොයාගන්න එක එච්චර අමාරු වුනේ නැ

සනා එක්ක සුකීත් ගියේ යුන්හී හම්බවෙන්න ඒත් යුන්හී සනාටයි සුකීටයි බැනලා එලවගත්තා සනා සුකී එක්ක apartment එකට ආවා

" දැන් මොකද කරන්නේ මම නම් හිතන්නේ නැ එයා ලේසියෙන් ඇත්ත කියයි කියලා "

" අපිට ඉතින් ඒවාටත් ක්‍රම සහ විධි තියෙනවා නේ කොහොමහරි මේකේ ඇත්ත දැනගන්න ඕන "

" හ්ම්ම් ඒක නෙවෙයි දැන් කවුරුවත් දන්නේ නැද්ද ඔයා hospital එකේ නැ කියලා "

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now