Translation Games: සිංහල (Sinhalese)

23 9 6
                                    

සභාව

FoolsErrand විසින්

පරිවර්තනය: SuVida777


විචිත්රවත් අවතාරයක් මතු වීමත් සමඟම රැස්ව සිටි දෙවිවරුන් මත අපේක්‍ෂාවය මුසු නිශ්ශබ්දතාවයක් පහළ​ විය.

"ඔබලාට​ යමක් පවසන්න අවශ්‍ය​ ඇති," අවතාරය නැණවත්ව​ විමසීය.

දෙවිවරුන්ට සපත්තු නැත, නමුත් ඔවුන්ට​ ඒවා තිබුනානම්, ඔවුන් සියල්ලෝම ඒ දෙස බලා සිටියි.

"අපි පටන් ගනිමු," අවතාරය කෝපයෙන් පවසා එම​ අමුතු නිශ්ශබ්දතාවය බිඳ දැමුවේය​​.

එම​ විස්මිත​ අවතාරය විශ්වය කරා විහිදී, සූර්යයා ලෙස දේශීයව හැඳින්වෙන තාරකාවක් වටා සියුම් දුම් වැලක් එතුවේය​. අවතාරය විචිත්‍රවත් අන්දමට මද විරාමයක් ගෙන,​ ප්‍රදර්ශනාත්මකව එම තරුව නිවා දැමුවේය​​.

දෙවිවරුන්ගෙන් සහනදායී හුස්මක් නිකුත් විය.

"ඇති යන්තම්. සාමය," අවතාරය හාස්‍යජනක හඬකින් කීවේය​.

Tevun-Krus #97 - International VI: PeaceWhere stories live. Discover now