CHAPTER 22 ♠️

Start from the beginning
                                    

" අද කෑම හැදුවේ ? "

" වෙනදා හදන කෙනාම තමයි ඩොක්ටර් ඇයි?"

" ඇගට විසක් ඇතුල් වෙලා තියෙනවා චෑන්... අපිට දැන්ම චෙක් කරන්න වෙනවා... "

එහෙම කිව්ව ජිමින් චෑන්ට රෙස්ට් කරන්න කියලා නැගිටලා ගියේ අවශ්‍ය කරන දේවල් ලෑස්ති කර ගන්නයි.. ඒ අතරතුර mansion එකට කුක් වගේම ටේත් කලබලෙන් ආවේ මේ වෙන දේවල් හිතා ගන්න බැරුවයි... ජන්ග්කුක් එන මගදිගටත් ගැන්ග් එකේ අයව චෙක් කරලා අවශ්‍ය බෙහෙත් දීලයි ඇතුලට ආවේ.... ටේ ආව ගමන් මුලින්ම කලේ ජිබ්බ්‍රාව බලන් ගිය එක... වාසනාවකට ජිබ්බ්‍රාට කිසිම දෙයක් සිද්ද වෙලා තිබ්බේ නැහෑ....


පැයක් විතර යනකොට ජිමින්ට කට්ටියට විස වෙලා තියෙන දේ හොයා ගන්න පුලුවන් වුනා.... ඒත් ජිමින් හිටියේ කුතුහලේකින්...

" වේ ජිමිනා.. මොකද්ද අවුල.. මොකාද බයක් නැතුව මෙහෙම දෙයක් කරන්න පුලුවන් වුන එකා..."

" මේක සතෙක්ගේ විසක් ටේ... "

" කෝ දියන් බලන්න..."

ටේ කිව්වේ ජිමින්ගේ අතේ තිබ්බ රිපෝර්ට්ස් ඇදලා අර ගන්න ගමන්.. රිපෝර්ට්ස් වල තිබ්බ දේවල් බලද්දී ටේට කතා කර ගන්න බැරි තරම් උගුර කට වේලිලා ගියා...

" බ්ලැක් මම්බා කෙනෙක්ගේ විස ... i cnt believe this ජිමිනා... එහෙම කොහොමද වෙන්නේ ?..අනික ගැන්ග් එකකටම මේ විස යන්නේ කොහොමද ?"

" ඒක තමයි මටත් හිතා ගන්න බැරි ටේ ... මේක ඇතුලේ එකෙක්ගෙම වැඩක්.... දැන්ම ගැන්ග් එකේ අයව ග්‍රවුන්ඩ් එකට ගෙන්වන්න... චෑන් බය වෙන්න එපා. විස තියෙන්නේ බොහොම සුලු පරිමාණෙන් නිසා කිසි අවුලක් වෙන් නෑ... මේක දීපු එකාට ඕන වෙලා තියෙන්නේ කට්ටියව මරන්න නෙවේ.. තාවකාලිකව අඩපන කරන්න.... මං මේක කරපු එකාව අද හොයාගෙන මිසක් පස්ස බලන් නෑ... දැන්ම යන් ග්‍රවුන්ඩ් එකට..."


ජිමින් mansion එකෙන් එළියට යද්දී ඒ පිටිපස්සෙන් කුක් වගේම ටේත් , බෙහෙත් බැදලා තිබ්බ අතත් අල්ලන් චෑනුත් පිළිවෙලින් එළියට ගියා.... ජිමින් හිටියේ පුලුවන් උපරිමයට කේන්ති අරන්.. කොල්ලට වර්නන් පැනලා ගිහින් කියන එක ගැනවත් සිහියක් තිබ්බේ නැහෑ.. මොකද ජිමින් mansion එකට එනකොටම දකින්න ලැබුනේ ගැන්ග් එකේ අය තුවාල වෙලා ඉන්න හැටියි.. ඒ වෙලාවේ ඉදන් ජිමින් හිටියේ වෙඩි වැදුන සතෙක් වගේ... මොකද ජිමින්ගේ එකම දුර්වලතාවය ගැන්ග් එක.. ගැන්ග් එකට මොනවා හරි වෙනවා කියන්නේ ජිමින්ට ඇටෑක් කලාටත් වඩා වේදනා දෙන දෙයක්...


DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now