CHAPTER 15 ♠️🚫

2.1K 396 94
                                    

©ළගින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ....
මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ....
යළිත් ඔබව හිමී නැතීනම්...
මගේ සෙනෙහේ අඩුනම්...🥀

~~~~~~~~~~~~~~~~~~~~~

Back To The Present ....

" සෙයින්ග් ඉල් චුක්හාහාම්නිදා.....

සෙයින්ග් ඉල් චුක්හාහාම්නිදා....

සාරන්ග්හානන් උරි සෝයොන්....

සෙයින්ග් ඉල් චුක්හාහාම්නිදා ..... "

*clap ~~~~ *

ජිමින් එයාගේ අතින් පුංචි ලස්සන කේක් එකක් අරන් සොයොන් ලගට ගියේ ලොකු සතුටකින්.. ඒත් ඒ සතුට තිබ්බේ birthday song එක කියලා ඉවර වෙනකම් විතරයි... ආයෙත් අලුත් වුන ඒ ඇස් වල කදුලු හිනාව එක්කම ජිමින්ගේ කම්මුල් දිගේ හරි ඉක්මනින් ගලාගෙන ගියා... ඒත් ජිමින් තවමත් සෝයොන් දිහා බලන් හිනා වෙනවා... ජිමින් ලගින් හිටිය ජේකේ වගේම අහක බලාගෙන හිටිය ටේත් ටික වෙලාවක් ජිමින් දිහා බලන් හිටියේ ඊළගට මොකද කරන්න ඕනේ කියලා හිතා ගන්න බැරුව.. මෙච්චර වෙලා මේ දේ බලන් ඉවසන් හිටිය ටේ තමන්ගේ උරිස්සේ රැදිලා තිබ්බ ජේකේගේ අත උරිස්සෙන් ගසලා දාලා රූම් එකෙන් යද්දි ජේකේ ජිමින් ලග නැවතුනා.. මොකද මේ වෙලාවේ ජිමින්ගේ හිතට හයියක් වෙන්න කෙනෙක් ලග ඉන්නම ඕන කියන දේ ජේකේ දැනන් හිටියා..

" ජන්ග්කුකා... නා ඔත්තොක්කේ ?.. "

නිමක් නැතිව ජිමින්ගේ ඇස් වලින් වැටෙන කදුලු අතරින් ජිමින් කතා කලේ මෙච්චර වෙලා හිනා වුන මුවින් ඉකිගහන ගමන්... අත් වල රැදිලා තිබ්බ ලස්සන ලා රෝස පාට කේක් එකේ ඉටිපන්දම් තවම නිවලා නැති නිසා දියවෙලා ඉටි බේරුණා..ඒත් ජිමින්ගේ ඇස් තවම රැදිලා තිබ්බේ නිසොල්මන්ව ඇදක් උඩ සිහිය නැතුව මැශින් වල පිහිටෙන් හුස්ම ගන්න කෙල්ලගේ මූණ ලග....

" මැණික.. නැගිටින්නකෝ... මේ ඉටිපන්දන් නිවන්න.. ආදරෙන් මට , ජේකේට, ටේට මේ කේක් කෑල්ලක් කවන්න.. හරි අපිට එපා.. මගේ මැණික ආසම කේක් එක ගෙනාවේ ඔයාටම නිසා ටිකක් ඇස් ඇරලා බලන්න... අද ඔයාගේ උපන්දිනේ සෝයොනා.. ඔයාට ඔහොම ඉන්න බෑ මගේ පණ.. මතකද ඔයාගේ කලින් බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කල විදිහ..?.ම්ම්...?. ජිබ්බ්‍රා එක්ක ඔයා සෙල්ලම් කල විදිහ?.. මැණික චෙබාල්.. දැන් ඔය ඇති පණ.. මගේ පපුව රිදෙනවා.. මට තව ඉවසන්න බෑ.. ඔයා මගේ ඉවසීම බලනවද මැණික?.. අහ් ?.. ඒකද ඔහොම ඉන්නේ ?.. "

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now