CHAPTER 13 ♠️

1.5K 393 84
                                    

© මායම් හිතේ ආදර හැගුමක් තවරමින්...
හුස්මක් දුරින් නැවතුන හැටි පුදුමයි ඉතින්...
රැදෙනා හිතේ ... සුසුමක් තරම්...
සංසාරෙම හුරු මේ සුවදේ පැටලිලා...
මගේ ජීවිත ගමනට ඔය හිත ඉගි කලා....🌹

~~~~~~~~~~~~~~~~~~~~~

Back To The Flashback 🍂 ..........

" ජිමිනා.. උඹ හදන්නේ අරූව නිකන් අතාරින්නද ?..ජේකේ ඉන්නේ පිස්සුවෙන් වගේ... මට බය උගේ අතින් අරූ මැරෙයි කියලා... "

" ඒ ගැන මං බලා ගන්නම්.. අරූ ගැන ඇහැ ගහන් ඉදපන්..."

" ඌ ශින්වූගේ ෆියුනරල් එකට ලෑස්ති වෙනවා ඇති.."

" ඒක හොදයි. කොහොමත් ඌට දැන් ඉදන් වෙන්නේ හැමදාම ෆියුනරල් වල ඉන්න තමයි...."

" ජිමිනා .. උඹ තවමත් කිව්වේ නැහෑ එදා මොකද්ද වුනේ කියලා... "


ජිබ්බ්‍රාව ට්‍රේනින් කරන තැනට වෙලා හිටිය මාත් එක්ක ටේ උදේ ඉදන්ම කලේ වර්නන් ගැන ඇහුව එක විතරයි.. ඒ හැම දේටම මට උත්තර තිබ්බත් අන්තිමට හැමදාම වගේ කතාව නැවතුනේ මට උත්තර නැති ප්‍රශ්නේ ලගින්....

" ජිබ්බ්‍රාව චෙක් කරපන්.. කෙල්ල ටිකක් කන්න හොරයි මේ ටිකේ.."

හැමදාම වගේ ඒ ප්‍රශ්නේ මග ඇරලා ජිබ්බ්‍රාව ටේට භාර දීලා මං එතනින් එන්නයි හැදුවේ.. ඒත් ටේ ඒකට ඉඩදුන් නෑ... යන්න ගිය මාව ටේ ලගට ඇදලා අරන් මගේ කොලර් වලිනුත් අල්ලලා කවදාවත් නැතුව මට සද්දෙන් කතා කලා....

" කියපන්.. උඹට තවත් මේ ප්‍රශ්නෙන් පැනලා යන්න බෑ.. මේ හැමදේකම සීමාවක් තියෙනවා ජිමින්... උඹ මෙතන ලොක්කා වෙන්න පුලුවන් .. ඒත් අපිත් දැන ගන්න ඕනේ මේ වෙන දේවල් වල තේරුම.. අරහේ අරූ පිස්සෙක් වගේ හැසිරෙනවා.. ඒ කවුරු නිසා කියලද උඹ හිතන්නේ.. සෝයොන් නිසා ?.. අනී ...ඒ උඹ නිසා.. උඹ ඌට සලකපු විදිහ නිසා... මං දන්නවා ජේකේ එදා වැරද්දක් කලා... ඒත් මෙහෙම ඌට සලකන්න හේතුව හරි ඌ දැනගෙන ඉන්න ඕනේ... "

ටේ තරහටම වෙව්ලනවා.. මොකද ඌ වෙන කාටත් වඩා අපි ගැන හිතන නිසා.. සහෝදරයෝ වගේ ඉන්න අපි කෙල්ලෙක් නිසා ඈත් වෙයි කියන එක ගැන ටේට බය ඇති.. කියන්න බැරි වුනත් එදා සිද්දිය මට ටේට කියන්න සිද්ද වුනේ ඒ නිසයි...

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now