©නුඹ මගේ හැම භවේ ...
දිව්රලා සෙනෙහසින්....
කී කතාව මාගේ ලෝකේ තනි වෙලා ගියා..... 🥀~~~~~~~~~~~~~~~~~~~~~~~~
Still Flashback .....
" ජිමිනා උඹ හොදින්ද ?"
කවදාවත් නැතුව හොස්පිට්ල් ඉන්න වෙලෙත් ජිමින් බියර් එකක් බොනවා දැක්ක ජේකේ ඇහුවේ ජිමින්ගේ කැබින් එකේ දොර ඇතුලෙන් අගුලු දාලා එන ගමන්.. මොකද ජිමින් බොනවා කවුරු හරි දැක්කොත් ලොකු ප්රශ්නයක් වෙනවා කියලා ජේකේ දැනන් හිටියා.....ජේකේ අහපු දේට උත්තර දෙනවා වෙනුවට ජිමින් කලේ පුරව ගත්ත ග්ලාස් එක එක උගුරට බීලා දාලා බියර් එකේ පවර් එක මදි වුන නිසා වෙන බොන්න දෙයක් හෙව්ව එක.. ජිමින්ට අහු වුනේ වොඩ්කා බෝතලයක්... ඊළගට කරන්න වෙන සර්ජරි එකක් නොතිබ්බත් ජිමින්ට මේ වෙලාවේ බොන්න දෙන එක ඇගට ගුණ නැති නිසා ජේකේ ජිමින්ගේ අතේ තිබ්බ වොඩ්කා බෝතලේ උදුරලා අරන් ඒ පිම්මට බිම ගැහුවා....
" මොකද්ද #**#-$ ඒ කලේ ?... අහ්? "
ජිමින් ඇහුවේ ජේකේගේ ඩොක්ටර් කෝර්ට් එකේ කොලර් වලින් අල්ලලා උස්සන ගමන්....
" උඹ ඉන්නෙ හොස්පිට්ල් එකේ...."
" මොන $*-#- ක හිටියත් මට ඕන්නම් මං බොනවා...අනික මේ හොස්පිට්ල් එක මගේ.. උඹ කවුද මාව නවත්තන්න ?"
" උඹට කේන්තිය මගේ පිටින් පිට කරන්න ඕන්නම් කරපන්.. ඒත් මතක තියා ගනින් මේක නෙවෙයි විසදුම කියන එක.. උඹ ඒකිට යන්න දීලා උඹම දැන් පිස්සෙක් වගේ හැසිරෙන්නේ ඇයි...."
" මට ඕන් නෑ එක එක උන් ගාව දෙකට නැවිලා ආදරේ හිගා කන්න.. ඒකිට මොනාද මං අඩු කලේ අහ් ? .. තියෙන හැම සැපක්ම දුන්නා... අන්තිමට මගේ ආදරෙත් දුන්නා... එහෙම වෙලත් ඒකීට තිබ්බා මාව විශ්වාස කරන්න... කෙල්ලෝ !අහ්... මුන් ඔක්කොම ඉන්නේ වාසියට... මට කෙල්ලෙක් ඕන්නම් දැන් උඹට ගෙනත් පෙන්වන්නම්... ඒත් මෙතන ප්රශ්නේ ඒක නෙවේ... "
ජිමින් වචනයක් ගාණේ එයාගේ කේන්තිය පිට කලේ කැබින් එක දෝංකාර දෙන තරම් හයියෙන් කෑගහලා.. ඒත් ඒ සද්දෙට ජේකේනම් බය වුනේ නැහෑ.. මොකද ජිමින්ගේ හැසිරීම ගැන ජෙකේ හොදටම දන්න නිසා...
CZYTASZ
DOCTOR MAFIA ♠️🎯 || PJM [ Completed ]
Fanfiction🚫සල්ලී බලයට ජීවිත වල වටිනාකම තුට්ටු දෙකට වැටුන කතාවක්.. ♠️ 🚫ආදරය ලග සල්ලී වල වටිනාකමක් නැති වුන කතාවක් 💔 "සෙල්ලම පටන් ගත්තේ මංනම් ඉවර කරන්න ඕනෙත් මං... හැබැයි දිනලා " 🎯 Park Jimin ජීවිත සෙල්ලමකට ගත්ත තමන්ගේ ජීවීතේට වටිනාකමක් නැති වුන දඩබ්බරයෙක්...