CHAPTER 17 ♠️

1.3K 395 42
                                    

© පැහැසර ඔබේ ආදරේ ..
මංදාරම් අදුරේ ගිලී...
සැගවී ගිය ඔබේ සෙනෙහේ...
හද රිද්දනවා රහසේ...🥀

~~~~~~~~~~~~~~~~~~~~~~~

SoYeon Pov.....

කාලයක් තිස්සේ දැක ගන්න පෙරුම් පුරන් හිටිය රුවක් නොහිතුව වෙලාවක අපේ ඇස් වලට හසු වුනාම අපිට ඒ දැනෙන හැගීම විස්තර කරන්න වචන මදි වෙනවා... ඒ හැගීම පිට කරන්නේ කොහොමද කියලවත් නොතෙරෙන තරමට අපි ගොලු වෙනවා... කදුලු වලින් ඒ හැගීම පෙන්වන්න ඕන නොවුනත් අසරණ වෙන හිත අපිටත් හොරා රහසේම කදුලු පිට කරන්නේ කිසීම හැගීමක් නැතුවම වෙන්න පුලුවන්..

සමහර විට සතුටට , එහෙමත් නැත්නම් දුකකට , තවත් වෙලාවකට තරහට කදුලු ඉස්සර වෙනවා.... ඇයි අපි හැම වෙලේම කදුලින්ම පිළිතුරු දෙන්නේ ?.. ඒ වචන වලට වඩා කදුලු හදවතට දැනෙන නිසා නෙවේද ?...

කාලෙකින් එයාව මුලින්ම දැක්ක වෙලෙත් මගේ හිතට දැනුනේ එහෙම.. මට සතුටෙන් උඩ පැනලා කෑගහලා එයාත් එක්ක හිනා වෙන්න ඕන වුනා.. ඒත් ඊටකලින් මගේ කදුලු ඉස්සර වුනා...

මාස ගාණක් තිස්සේ දකින්න ඕන වුන ඒ රූපේ ... මගේ ආදරේ... මගේ හිත හොය එකම සැනසීම ජිමින්...

එයාව මං දකිනවා.. මගේම ඇස් දෙකෙන්...

මෙච්චර දවසක් කතා කර ගන්න බැරිව හිතින් ඇඩුව මං අද එයා ඉස්සරහා නිදහසේ කදුලු හලනවා...

ඒ උණුහුමින්, ඒ සුවදින් මගේ ගත වෙලා ගද්දී මගේ ඇස් පිය වුන අන්තිම මොහොතේ මං ප්‍රාර්ථනා කල ඒ ප්‍රාර්ථනාව , " මට ජිමින්ව බලන්න ඕන.. ඒ ඇස් දිහා බලන් මට අන්තිම හුස්ම හෙලන්න ඕන " කියන ප්‍රාර්ථනාව මතක් වුනා... ඔව් ඒ තරමට මං එයාට ආදරේ කලා...


" මැ....මැණික...."

ජිමින්ගේ අත් අතර හිර වෙලා හිටිය මාව ටිකකටවත් නිදහස් කරන් නැතුව එයා කතා කලේ හැමදාම වගේ එයාගේ කදුලු හන්ගන්න මගේ බෙල්ල අස්සේ මූණ හංගන්.. සිහින් කෙදිරියක් වගේ පිටවුන එයාගේ කටහඩෙන් මට තේරුණා හුගක් අඩනවා කියන එක..

මගේ නපුරා, හැමදාම වගේ කොච්චර කෑගැහුවත් මගේ ලග පොඩි දරුවෙක් වෙලා...

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now