CHAPTER 21 ♠️

Start from the beginning
                                    

" lets go babies...."


බොක්ස් එකේ තිබ්බේ ජිමින් ඉස්සර නිතරම අත අස්සේ හන්ගන් හිටිය scalpel එක , ඩාර්ට් ඇරෝ එකක් , ජිමින්ගේ සාක්කූවේ තිබ්බ ගෝල්ඩ් බ්ලැක් ආසියා කාර්ඩ් එක වගේම ගොල්ඩ් කලර් ගන් එකක්.... ජිමින් තමන්ගේ අතින් විනාශ කල ජීවිත වලට වගකියන්න ඕන ඒ දේවල්... ඒ හැමදේකටම ජිමින් හුගක් ආදරේ කලා...

බොක්ස් එකේ තිබ්බ ගන් එක අරන් එහෙන්ම ඉණ පිටිපස්සේ රදව ගත්ත ජිමින් , ආසියා කාර්ඩ් එක සාක්කුවට දාන් , scalpel එකත් ශර්ට් අත අස්සට දාන් රදවන් ඩාර්ට් ඇරෝ එක ඇගිලි වලට ගත්තා... බොක්ස් එක එහෙන්ම තියෙද්දී ජිමින් ඇරෝ එක ඇගිලි අතර යවන ගමන් රූම් එකෙන් එළියට යන්න ගියේ ඒ දේවල් වලින් වේදනා විදලා වර්නන් මැරෙන හැටි හිතින් හිතන ගමන්....

ඒත් ජිමින්ට වැඩි දුරක් යන්න වුනේ නැහෑ...

" තමුසේ ? "

ජිමින්ගේ ගමනට බාධා කරලා හිට ගත්තේ ජියා.... ජියාව දැක්කා විතරයි ජීමින්ගේ තරහෙන් හිනා වෙවී තිබ්බ මූණේ හිනාව එහෙන්ම මැකිලා ගියා....හරියට තමන් දකින්න අකමැතිම කෙනෙක් තමන් ලගට ආවා වගේ ජිමින් ජියා දිහා බැලුවේ පිළිකුලකින්.... අතේ තිබ්බ ඩාර්ට් ඇරෝ එක එහෙන්ම සාක්කුවට දාන් ජිමින් අහක බලා ගද්දී ජියා ලගට ඇවිත් ජිමින්ගේ අවසරයකින් තොරවම ජිමින්ව බදා ගත්තා....


" මං හිතුවේ ඔයාව අදවත් දකින්න බැරි වෙයි කියලා ජිමිනී.... "

" ඇයි ?.."


" නෑ ඉතින් ඔයා අර කෙල්ලව හම්බුන දවසේ ඉදන් ඉන්නේ එහෙනේ... මේ ටිකේම මෙහේ ආවෙත් නෑනේ...."

" මට ඕන්නම් එනවා.. මට ඕනේ නැත්නම් එන් නෑ... අනික සෝයොන්ව හම්බෙන්න කලිනුත් මං ඕන තරම් ගෙදර නෑවිත් හිටියනේ...."


ජිමින් කිව්වේ තමන්ව බදන් හිටිය ජියාව අත් දෙකෙන්ම අල්ලලා ඈත් කරන ගමන්....


" ඔව් ඒකනම් එහෙම තමයි... ඒත් දැන් ඔයාට තව විශේෂ කෙනෙක් ඉන්නවනේ බලන්න... "


ජියා ඒ වචන කිව්වේ අත් දෙකත් බැදගෙන තරහකින් අහක බලන්...

" ඔව් මට සෝයොන් විශේෂයි තමයි... තමුසෙට මොනවා හරි ප්‍රශ්නයක්ද ?... එහාට වෙනවා මට තමුසෙව නලවන්න වෙලාවක් නැහෑ.. මං ආවේ වැඩකට...."

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now