CHAPTER 20 Pt 2 ♠️

Comincia dall'inizio
                                    

මත් ගතිය ටික ටික මගෙන් ඈත් වෙද්දි මං හිමීට ඇස් ඇරලා බැලුවේ සෝයොන් තවමත් මගේ ලග ඉන්නවද කියලා....

එයා හිටියා.....

ඒත්....

වෙනදට හිනා වෙලා මගේ ලග ඉන්න කෙල්ල අද හිටියේ වේදනාවෙන් කෙදිරි ගාන ගමන්.....

මං පසුතැවුනා... සිය දහස් වතාවක් මං පසුතැවුනා.. ඒත් ඒ වගේම මං සතුටු වුනා... සෝයොන් මගේ වුන නිසා... එත් ඒ සතුට මගෙන් ඈතට ගියේ අර ජිමින් අපි දෙන්නා අතරට ආව නිසා.......

ඌ එදා නාවනම් සෝයොන් මගේ ලගම නවතින්න තිබ්බා... මොකද කෙල්ලෙක්ට බැහෑ එහෙම හැමදේම අමතක කරන්න.. කෙල්ලෝ එහෙමයි....

ඒත් සෝයොන් ....එයා වෙනස් වුනා....

මගේ වුන එකී ඒ හිතින්ම පිස්සුවෙන් වගේ ජිමින්ට ආදරේ කලා.... එහෙම වෙන්න පුලුවන්ද?....

අනික ජිමින් වගේ කෙනෙක් එහෙම ආදරේ කරයිද ?....

මට තිබ්බ එකම පුදුමේ මේ හැමදේම දැනගෙනත් ජිමින් මුකුත් නොකල එක....

මං මගේ විදිහට සෝයොන්ව මගේ ලගට ගන්න හුගක්ම ලං වෙලා හිටියේ... ඒ අවස්ථාව තව ලේසි කලේ ජිමින්මයි....

ජිමින් මැරි කරන්න යනවා.....

" පිස්සෙක්.... ඌ පිස්සෙක්.... ඌ කොහොමද සෝයොන්ට එහෙම කරන්නේ... "

" බොස් මේක අපිට තව ලේසි වෙනවා..."

" දේ... ඒත් අරකි ඌ වෙනුවෙන් අඩයි... තමුසේ මට කියන්නේ ඒකී ඌ වෙනුවෙන් අඩනවා මට බලන් ඉන්න කියලද ?"

" ඒත් බොස් කෙල්ලව අපේ ලගට ගන්න පුලුවන්නේ..."

" බැහෑ...."

" ඒ ඇයි..."

" ජිමින්ගේ කවුරු හරි මාව ෆලෝ කරනවා හ්‍යුන්ජින් .... මාස ගාණක් කවුරු හරි මගේ හෙවනැල්ල වගේ මගෙත් එක්කම ඉන්නවා.. ඒත් ඌ කවුද කියන්න මට තාම හොයා ගන්න බැහෑ...."

" ගැන්ග් එකේ අයට කියලා මිනිහව අල්ලගමු..."

" මං උත්සහා කලා.. ඒත් ඒ හැම වෙලේකම මං අසාර්ථකයි හ්‍යුන්ජින් ...දැන් ඒ දේ අමතක කරමු.....අපි ජිමින්ගේ මැරේජ් එකට යන්න ඕන...."

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Dove le storie prendono vita. Scoprilo ora