4.♥️♥️♥️

Start from the beginning
                                    

ලෝකේ ඉස්සරහ ලස්සන ට හස්බන් ඇන්ඩ් වයිෆ් උන අපිදෙන්න ගේ ඇතුලෙ හිටියෙ ගිනිකන්දක...හැම වෙලේම පිපිරුවෙ නැති උනාට ගිනිඅගුරු හැමදාම හැංගිල තිබුණා...

උබ මාව ෆෝන් කන්ටැක් වලින් පවා බ්ලොක් කරාම...උබව හොයපු දාක උබ කෙල්ලක් එක්ක සතුටෙන් ඉන්නව දැක්කම..ඒ ගිනි ගියේ අර අසරණි උඩින්න්...
ඒත් ඒව ඉවසන් ඒකි ඉද්දි
මං හැමදේම අම්මට කීවා ...
එදා මං එක්ක අම්මත් ඇඩුවා...

අන්තිමේ මන් ශේන්‍යා එක්ක රටින් පිට උනා...මොකද උබෙ හුලගක් හෙවනැල්ලක් මට එන්නැති තරමට මට තවත් කෙනෙක් වෙනුවෙන් දුකක් නොදී ඉන්න පුලුවන් වෙයි කියන විස්වාසය උඩ...

ඒක ඒතරම් ලේසි නූනත් අපි අපේ වැඩ එක්ක නන්නාඳුනන දිහාවක හිරවෙද්දි අපිට අපි වෙනුවෙන් කාලයක් කොහොමත් තිබුණෙ නෑ.
ඒත් අවාසනාවකට ඇත්තටම වාසනාවකටි ශේන්‍යා ප්‍රෙග්නන්ට් උනා .....

අලුත් බලාපොරොත්තු අපි දෙන්නටම ආවා ..අලුත් වගකීම්... එක්ක..ඒත් එක හිතින් කරපු ආදරේ කියන දේ ඇර හැම දෙයක්ම මං ශේන්‍යාට දුන්නා ...

අන්තිමේ මං තාත්තෙක් උනා...පොඩි කිරි කැටියෙක් මගෙ අතට ආවට
මං එයාගෙන් දැක්කෙ උබෙ මූන...
මං බයවුනා..
සතුටු උනා...
ඇඩුවා ....
අන්තිමේ අපේ පැටියට උබෙම නම ආවා....අපේ වැඩ නිසා අම්මත් අපි ලගට අරන් ඒ ආදරෙත් එයාට දුන්නා...
මගෙ අත්දෙක උඩ උබව මවාගෙන ඒ පැටිය පරිස්සම් කරා...ශේන්‍යාට නුදුන්න මගෙ ආදරේ උට ඕනෙවටත් වඩා දුන්නා....

ඒත් දවසක් ශේන්‍යා මගෙ ඩයරි කියවල තිබුණා ..ලෝකෙට හොරෙන් අකුරු කරපු උබට තිබුන ආදරේ එයා අහම්බෙන් කියවල තිබුනා ...

එදා පළවෙනි පාරට ශේන්‍යා මගෙ කම්මුලට ගැහුවා .. ඒත් මාව බදාගෙන ඇඩුවා...මට ඇත්ත නොකිය ඉන්න ඕන උනේ නැහැ...

ශේන්‍යා ගියා...
පුතායි මාවයි අතාරින්න තරම් එයාට හයියක් නූන බව මං දැනන් හිටියා...ඒත් මේ අවුරුදු ගාන වෙනුවෙන් කැපවුන ඒ අසරණී හොයාගෙන මං හැමතැනම දිව්වා....
අන්තිමේ දල්මසා පන්සලේ බුදුපිලිමයක් ගාව එයා වැටිල හිටියා..

ඒ ලස්සන මූන ඇතුලෙ හිරවෙලා තිබුන තරහවද,,වෛරෙද .. දුකද කියල හිතාගන්න බැරි හැගීම එක්ක එයා හිනාඋනා..
මහ හයියෙන් මට හිනා උනා...

"ටේහියුන් මට මගෙ දරුවා ඕනේ .. ඔයාවත් ඕනෙ උනත් ඔයාගෙ හිත තියෙන තැනට ඔයා පරිස්සමට යන්න ..."

ඒත් අවුරුදු ගානක් හිත යටින් බලන් හිටපු දේ එයාගෙ කටින්ම ඇහුනත් විශ්වාස කරන්න මං ගල්වෙලා ඔහේ හිටියා... අවසානේ
ඒ ආදරේ උතුරපු ඇස් ,එක්ක ශේන්‍යාව බදාගත්තා.

මං මටම පොරොන්දු උනා උබව අතෑරල දාන්න ....මගෙ යටිහිතෙත් පතුලෙම වලලල දාන්න ..

පුදුම සතුටකින් අපි දෙන්න පන්සලෙන් එලියට ආවා...
කුඩුපොද වැස්සක් එක්ක අහස ලස්සනට තරු පුරවන් හිටියා..අලුත්ම රෙස්ටොරන්ට් එකකින් හොට් චොක්ලට් දෙකක් බීලා...ආයේ මොකද කියල ලොකු රාමේන් බෝල් එකකටත් වගකීවා...ජීවිතේ පළවෙනි පාරට මගෙම කියල සතුටක් එක්ක මං ශේන්‍යා ගෙ අත හිරට අල්ලගත්තා...

______________________________________

මොකදා හිතෙන්නෙ. තව එක චැප්ටර් එකක් වගේ තියේවි . ඊට පස්සෙ ඉවරයි.♥️♥️♥️♥️🤗

•~𝓳𝓾𝓼𝓽 𝓯𝓻𝓲𝓮𝓷𝓭𝓼 𝓫𝓾𝓽 𝓵𝓸𝓿𝓮𝓻𝓼 ~•✔️✔️"𝓣𝓚"Where stories live. Discover now