4.♥️♥️♥️

891 159 5
                                    

♥️♥️♥️♥️♥️♥️

මං සතුටු උනා ...තනියම හිනා උනා...ඒත් උබ මං ගාවට ආයෙම ආවෙ නැහැ...උබ පිස්සු හැදිල වගෙ ඔහේ හිටියා...හැමදේම අනාගත්තා.. ඒත් උබගෙ ලොකුකම හින්ද...නැත්නම් ලෝකෙට මූන දෙන්න ලැජ්ජාව හින්දා උබ මං ගාවට ආවෙ නැ ...

මන් බලාගෙන උන්නත් උබගෙ හිත හදන්න මට උවමනා උනේ නෑ....මොකද අවුරුදු ගානක් මාත් ඔය දුක ඉවසුව විදිය උබට දැනෙන්න අරින්න මට ඕනෙ උනා....
ඒත් අපේ අම්ම උබ වෙනුවෙන් ආවා...මං වෙනුවෙන් උබ ගාවට ආවා....

නමුත් උබට වගේම මටත් ඒවෙද්දි ගොඩක් දේවල් වැරදිලා තිබුනේ ... ඒ නිසා මට ශේන්‍යාව අතාරින්න බැරි උනා....එයා මොකුත් නොකීවත් එයාගෙ පව්ලෙන් මට එයාව අතෑරල යන්න ඉඩක් දුන්නෑ...

මං ගොඩක් අසරණ උනා...ඒත් උබෙ ලොකුකම නිසාම මං ශේන්‍යාව බදින්න කැමති උනා...
කසාදෙ තීන්දු උනා....අම්ම උබව දෙවනි මනමාලයට ගත්තයි කීවම මට යකා වැහුනා...ඒත් අම්මගෙ කෑගැහිල්ලට උබට කතාකරල මං ඒදේ කිවට...මං ඊටපස්සෙ කැගල ඇඩුවා...

" මචං මං ශේන්‍යාව මැරිකරනව බං...උබට පුලුවන් ද බෙස්ට්මන්ට එන්න..."

"හ්ම්"

උබෙ උත්තරේ උනේ එච්චරයි ...මතකද?

ඒත් හැමදේම ලෑස්ති වෙද්දි ග්‍රෑන්ඩ් වෙඩින් එකකට උබලගෙ සීයා නැති උනා හදිසියේම...

ඒ නිසා වෙඩින් එක කල් දාමු කියල කියන්න තරම් මං මෝඩයෙක් උනා...

ඒත් උබව බලන්න ආවම එදා... උබ මැරිල වගේ හිටිය විදියට මං දැනගත්තා....!

ඒත් උබගෙ වයිරෙ පිරිමහගන්න ... මට උබව බැදල එක්ක යමන් කීවම...මං කෑලි කෑලිවලට කැඩිල ගියා...

මං එදා බීවා ...අන්තිමේ අයියල තමා මාව හොයාගෙන ගෙදර අරන් ගිහින් තිබුනේ...අඩුම තරමේ නැකතට ගෙයින් එලියට බහින්නවත් බැරි උනා....ඒත් මට බදින්න සිද්ද උනා...
මං මැරුණා...

ඇත්තටම ඒ වෙද්දි මැරෙන්න කියල දෙයක් තිබුනේ නෑ මට...

හීනයක් වගේ වෙඩින් එක ගෙවිල සල්ලි නාස්ති උන වැඩකට නැති හනිමූන් එකෙන් පස්සෙ මට සිද්ද උනා මං කසාද මිනිහෙක් බව ලෝකෙට පෙන්නන්න ..
අපි අතරෙ කායික බැදීමක් සිද්ද නූනා නෙවෙයි ...සමහර ඉවසන්න බැරි රෑවල ශේන්‍යා මං එකතු උනත් ඒකෙන් එයා වත් මං වත් සතුටු උනාද කියල කියන්න මං දන්නෑ...

•~𝓳𝓾𝓼𝓽 𝓯𝓻𝓲𝓮𝓷𝓭𝓼 𝓫𝓾𝓽 𝓵𝓸𝓿𝓮𝓻𝓼 ~•✔️✔️"𝓣𝓚"Where stories live. Discover now