1.♥️♥️♥️

Start from the beginning
                                    

රෑ වෙලා ගෙදරටත් බොරුකියල වෙන කොල්ලෙක්ගේ ගෙදරක සෙට් වෙලා....
නිදියගන්න යද්දි රෑ දෙකත් පහුවෙලා... එකට එකගොඩේ ඩබල් ඇදක නිදියන් ඉද්දි..
එකපාරට !
මට එහාපැත්තෙ හිටිය ටේ මගෙ තොල්වලට කිස් එකක් දුන්නා.

"අඩෝ කුකීයෝ ...අහපන් මං උබට කැමතී බන්...! "

"උබට වෙරිද බල්ලෝ ඊයා.... නිදියගන් මරු නොකියා ..."

කියල මං ඌව බදන් නිදාගත්ත...ඇත්තටම එදා ඒ දේ එහෙම නොවී... හිතට එකඟවම

" මාත් උඹට කැමතී බන් "

කියන වචන හතර කීවනන් අද ජීවිත දෙකක් පණපිටින් ඉන්නවා...

ඇයි මං එහෙම කියන්නෙ ?
එතකොට උටයි මටයි දෙන්නටම කෙල්ලො දෙන්නෙක් හිටියා ... හැබැයි මං දැන් දන්නව ඒක ඔටෝමැටිකලි ලෝක පවාදෙන් ගැලවෙන්න කරපු බොරුවක් විතරයි කියල .....
මොකද කැම්පස් එක ඇතුලෙ අවුරුදු දෙකට දෙන්නෙක් හිටි හින්ද ....

එදා රෑ උන දේවල් එහෙමම පස්වෙලා යද්දි ඌයි මාය් එකම යුනිවර්සිටි සිලෙක්ට් උනත් ඌ ෆැකල්ටි මාරුකරගත්තා

දෙන්නටම එකම ඩෝම් එකක් ගෙවල් වලින් අරන් දුන්නත් ඌ හොස්ටල් එකේ නැවතුනා...

මං ටේගෙ ගෙදර ගියත් ඌ එදාට මාව මගෑරියා..... ඒත් එයාගෙ අම්මගෙ ආදරෙ එක්ක හැදුන මොනාමහරි දෙයක් මට හැමදාම ඉතුරුකරල තියෙන හින්දා ඒ කෑදරකමට මං එහෙ ගියා...

එතකොට උඩ තිබුණ අර දවස් 1461 ? ඒක බොරුවක්ද?
නෑ නෑ... හැමදවසකම පැයවිසිහතර ඇතුලෙ එක විනාඩියක් හරි ඌ මට කතාකරා ...අතවනල හරි ගියා....

අලුත් යාලුවො එකතුවෙද්දි...අවුරුද්දෙන් අවුරුද්ද සීනියර්ල වෙද්දි ...අලුත් නැව් එද්දී මං ටේටේ ව හලල දැම්මා...!
මොකද මට ඊටවඩා වටිනවයි කියල හිතපු උන් පස්සේ අයාලෙ ගිය හින්දා...

ඒත් එකදවසක්.... !
මල්වර නැකත රුවිතෙට ගිය කෙල්ලක් මං අතින් ගෑනියෙක් වෙද්දි මට තේරුම්ගියා මං කව්ද කියල ...

මගෙ සෙක්ශුවල් ඔරියන්ටේශන් එක...

මං ටේටේව හෙව්වා...
ඌ ඉදී කියල හිතපු හැමතැනම හෙව්වා....

අන්තිමේ මට ඌව හම්බ වුනා...
ලවර්ස් ලේන් එකෙන් එලියට එනව...
ලස්සන කෙල්ලක් එක්ක...සුදුම සුදු කෙල්ලක්...

විශ්වාසකරපන්...මං එදා මැරුණා... දවස් ගානක් ඔහේ බලාගත්තු අත බලන් හිටියා... යාලුවෙලා හිටිය එකී කුණු කතාකියල මාව අතෑරියා... මං ඇහුන්නෑ වගෙ ඔහේ හිටියා....
එක්සෑම් රිපීට් උනා...

දවසක් ටේටෙගෙ අම්මා ආව මාව බලන්න... පැයගානක් කතාකරල බතුත් කවල යන්න ගියා.... ඔව් ඌ ඒ වෙද්දිනුත් මං ගැන හොයනවා... මටත් නොදැනිම මං ආය ආයම ඌ එනකන් හිටියා...

අවුරුදු දහතුනක් ඌ මං වෙනුවෙන් කරපුව...මගෙ හැමදේම වෙනුවෙන් ඌ හිටිය හැටි... මාත් බලන් හිටියා 365 න් එක්කුය් 366 න් එකකුයි...

" මචං මං මැරි කරනවා... උබ බෙස්‍ට්මන්ට වරෙන් හරිද..?

මං ආයේ මැරුණා....

වාසනාවට අපේ සීයාත් මැරුණ උගෙ කසාදෙට කලින් දවසේ ...
එදා රෑත් ඌ මං ගාව හිටියා...

" බලපන් උඹ එන්නැති කසාදෙන් මට වැඩක් නෑ...අපරාදෙ උබලගෙ සීයා ඉපදුනේ..."

" ඉතින් එහෙනම් මාව බැදල එක්ක යමන්කෝ..මට අව්ලක් නෑ...උබ රස්සාවක් කරපන් මං උයන්නම්...."

බිම බලාගෙන මං එහෙම කියද්දි ලොකු හුස්මක් එලියට දාල මාව හිරට බදාගෙන ඌ යන්න ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බිම බලාගෙන මං එහෙම කියද්දි ලොකු හුස්මක් එලියට දාල මාව හිරට බදාගෙන ඌ යන්න ගියා....

තවත් මාස ගාණකින් ඌ ශේන්‍යා
.. ඒ කියන්නෙ එයාගෙ වයිෆ් එක්ක කොරියා ගියා ... ශේන්‍යා ගෙ මාස්ටර්ස් එකට...

______________________________________

මම මේකේ හැදින්වීමට දාල තියෙනව වගේ මේක මම ටේකුක් එකකට TRANSLATE කරපු එකක්. මම දන්නෙ නෑ මේ කතාව ලිව්ව ඕතර්ව. ඉතින් මට එයාගෙන් මේකට Permission අරගන්න බැරි වුනා. එහෙමයි කියලා මම මේ වෙන කෙනෙක්ගෙ කතාවක් හොරකම් කරා නෙවෙයි හරිද. මේ කතාවෙ මුල් අයිතිය හිමි වෙන්නෙ ඒ ඕතර්ට. මේක ඇත්ත කතාවක් ලන්කාවෙ වෙලා තියෙන. මම කරේ ඒක ටේකුක් එකක් කෙරුව එක . ඔයාලා කතාවට කැමතිනම් වෝට් කරන්න කොමෙන්ට්ස් දාන්න ඔයාලගේ. මම මේකෙ විතරයි ඕතර් නොට් එක්ක දාන්න්‍ර්. කතාවේ ඉතුරු කොටස් වලට ඕතර් නෝට් දාන්නෙ නෑ. හැබැයි ඔයාලා මට කොමෙන්ට්ස් දැම්මොත් මම අනිවරෙන්ම හැමෝගෙම ඒවට රිප්ලයි කරනවා.🤗🤗🤗

•~𝓳𝓾𝓼𝓽 𝓯𝓻𝓲𝓮𝓷𝓭𝓼 𝓫𝓾𝓽 𝓵𝓸𝓿𝓮𝓻𝓼 ~•✔️✔️"𝓣𝓚"Where stories live. Discover now