" ඔය හිනාව මට අල්ලන්නේ නැ "

පොඩි එකෙක් වගේ සූයා දිහා බලාගෙන හිනා වෙවී ඉන්න ජන්කූක්ට සූයා කිව්වේ

" නූනා.... "

" කෝ කෙල්ල "

" යන් "

ජන්කූක් එහෙම කියලා ඉස්සර වෙලා ගියා සූයා ජන්කූක්ට ගගහා බනින ගමන් ජන්කූක්ගේ පස්සෙන් ගියා ජන්කූක් රූම් එකේ දොර ඇරලා සූයාට කෙල්ලව පෙන්නුවා

" සනා..... "

මෙච්චර දවසක් හොයපු කෙල්ල අද ඇදක් උඩ නිසලව ඉන්නවා දකිද්දී සුයාට දැනුනේ ලොකු වේදනාවක් සූයාගේ ඇස් වලට කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

" යාහ්හ් සනා ඇස් අරිනවා "

සූයා සනාගේ ලගින් වාඩි වෙලා කම්බුලට තට්ටු කරන ගමන් කතා කරත් සනාගේ ප්‍රතිචාරයක් තිබුනේ නැ වෙන දෙයක් හිතාගන්න බැරුව ජන්කූක් දොර ලගට වෙලා බලාගෙන ඉන්නවා

සූයා නූනා මේ කෙල්ලව දන්නවා ද ඒත් කොහොමද අයිෂ්..... මේකි ඩොක්ටර් කෙනෙක් කියලා කිව්වා නේද සමහරවිට සූයා නූනා එක්ක එක හොස්පිටල් එකේ වැඩ කරනවා ඇත්තේ

ජන්කූක් එහෙම හිතුවා මෙච්චර වෙලා සනාගේ කම්බුලට තට්ටු කර කර හිටපු සූයා මෝහිනි අක්කා වැහුනා වගේ ජන්කූක්ගේ දිහාට බැල්ලමක් දාගෙන හැරුනු නිසා කොල්ලාත් ගැස්සිලා ගියා

" නූනා...... "

සූයා side table එක උඩ තිබුණු vas එක අරගෙන ජන්කූක්ට ගහන්න උස්සනකොටම ජන්කූක් දිව්වා

" යාහ්හ් ඔහොම නවතිනවා තමුසෙට හැමදාම අවවාදයක් විතරක් දීපු නිසා තමයි මෙහෙම දෙයක් වුනේ "

සූයා කෑගහන ගමන් ජන්කූක් පස්සෙන් දුවනවා

" නූනා මියානේ
වරදක් කලත් සිතකින් නොවේ ඇයි රිදවන්නේ පලිගන්නේ මෙලෙසින් "

" තමුසෙට මෙහෙම නෙවෙයි සලකන්න ඕන "

ජන්කූක් living room එක අනිත් පැත්ත ගහලා ඉවරයි මල් vas දෙකක් දැනටත් ස්වර්ගස්ථ වෙලා

" Jeon Jungkook තමුසේ ඇයි මෙහෙම දෙයක් කරේ මොකද්ද ඒ කෙල්ල තමුසෙට කරපු වරද "

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now