🚫...₱₳Ɽ₮ 28...🚫

539 90 121
                                    

එක පාරටම කෙල්ලව පිටිපස්සට ඇදිලා ගිහින් කාගෙ හරි පපුවක වදින්නේ තප්පරයක් ගෙවෙන්නත් කලින්...

"දැන්මම කාමරේට..!!"

කෙල්ලගේ ඉණ වගේ අතක් දාගෙන තදින් අල්ලන් හිටිය කොල්ලා කෙල්ලගේ කන ගාවට ලන් වෙලා කිව්වේ මෙතන මේ සීන් එක රස විදින තවත් කට්ටියක් ඉන්නවා කියන එක අමතක කරලා... Eukook ජෝඩුව කුස්සිය පැත්තට මාරු වෙද්දි සුගා, ජින්, ජූන් කෑම මේසේ පැත්තට ගියේ 'උබලගේ ප්‍රශ්න උබලම විසදගනිල්ලා අපිටනම් බෑ මැද්දට පැනලා මැරුම් කන්න..' කියලා කියන්න වගේ...

හිතන්නවත් වෙලාවක් නොදී සිද්ධ වුනා දේත් එක්කම කනගාවින් ඇහුණ ඒ ගොරෝසු කටහඬට කෙල්ල ගැස්සුනත් බයක් පෙන්නන්න ඕන වුනේ නෑ... හොරෙන්ම මෙතනින් මාරු වෙන තමන්ගේ ආදරණීය සදාදරණීය අප්පා දිහාත් පාපතර ඔප්පා දිහාත් අතිජාත පජාත යාලුවා දිහාත් බලපු යූ අමාරුවෙන් වචන පටලවගත්තේ බයක් නොපෙන්වන්න උත්සහා කරන ගමන්...

"අ..අතාරිනවා... ම්..මොකද මේ..??"

කොල්ලගේ අත අයින් කරන්න උත්සහා කරන ගමන් කෙල්ල එහෙම කිව්වත් දශමයක්වත් ඒ අත හෙල්ලුනේ නම් නෑ...

"අතා-"

ඩිං ඩොං..

(A/N: ගෙදර බෙල් එක..🌚👍)

කෙල්ල ආයෙ කෑගහන්න හැදුවත් ඊට කලින් door bell එක වැදුණා.. දෙන්නගෙම අවදානේ දොර පැත්තට යනකොට ආව කෙනා දොරත් ඇරන් ඇතුළට ආවා...

"බොස්.. යූජි මිස්ව හම්බෙන්න කෙනෙක් ඇවිත්... එවන්නද...??"

ඒ හිටියේ ජිමින්ගේ ගාඩ් කෙනෙක්...

"ආහ්...??"

යූ ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්න අතරේ ජිමින්ගේ අත් යූගේ ඉණ වටේ තවත් තදින් එතුණේ හරියට 'මෙයා මගේ... එකෙක්ට දෙන්නේ නෑ...' කියන්න වගේ...

"ඌව මරලා-"

"අ..අනී... එයාව එවන්න..."

ජිමින් කියන්න යන දේ දන්න නිසාම කෙල්ල එහෙම කිව්වේ ඇත්තටම කවුද ආවේ කියලා දන්නේ නැති නිසා... කෙල්ල කිව්ව දේ ගනන් නොගෙනම තාමත් දොර ලගට වෙලා අර ආව ගාඩ් බලන් ඉන්නේ තමන්ගේ බොස් කරන්න ඕන දේ කියනකන්...

♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°Where stories live. Discover now