4

252 74 17
                                    

පුරා දෙහෝරාවක් තිස්සේ ඔහු පියානෝ වාදනය ද වාදකයාගේ හැඩරුව ද රසවිඳිමින් සිටියා.

මෙතෙක් තම හැඟීම් කෙසේ හෝ සිරකරගෙන සිටිය ද තම ප්‍රියතම ගීතයේ වාදනය පියානෝවේ කළු සුදු යතුරු අතරින් නික්මෙද්දී ඔහුගේ සිතේ පාලනය ගිලිහෙන්නට වූවා.

ඒ ගීතය වැයෙන්නේ යමෙකු වෙනුවෙන් බව ඔහුට දැනුණා.

තම සොයුරාට ඔහුගේ ප්‍රමෝදයට හේතු වන යම් පුද්ගලයකු හමුවී ඇතැයි ඔහුට සිතුණා.

තමාගේ ඒකපාර්ශ්වික ප්‍රේමයට තවත් ඉඩක් මේ ලොව තුළ ඉතිරි වී නොමැති බව ඔහුට හැඟුණා.

අනවසරයෙන්ම දෑසින් නික්මුණු කඳුළු දෙකොපුල් දිගේ රූරා වැටෙද්දී දෑතින්ම සිය මුහුණ වසාගෙන ඔහු ශාලාවේ පිටුපස දොරින් පිටතට පිය මැන්නා.

- To Be continued -

𝐄𝐔𝐏𝐇𝐎𝐑𝐈𝐀 || 𝐉𝐈𝐍𝐊𝐎𝐎𝐊 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝)Where stories live. Discover now