Episode 17 (ඩෝම්)

Start from the beginning
                                    

🧡"ඇයි එලියට යන්නේ? ගෙදර ඔක්සිජන් නැද්ද? මෙන්න මෙහෙ ඇවිත් ඉදගන්නවා නිකන් දේදුනු ගෙ පස්සෙන් යන්නේ නැතුව."

❤️"කවුද කිව්වේ මන් එයාගේ පස්සෙන් යනවා කියලා. මන් මේ ටිකක් ඇවිදින්න යන්නේ."

එහෙම කියලා මම ඉක්මනට එතනින් මාරු වුනේ එයාලා තව මොනවත් කියන්න කලින්. ඩෝම් එකෙන් එලියට ගිහින් පාරට ඇවිල්ලා දේදුනු ටැක්සියක් ගත්තම මමත් එතැනින්ම ටැක්සියක් අල්ලගත්තා.

ටික දුරක් ටැක්සියෙන් ගිහින් ඊට පස්සේ බැස්සම මමත් බැස්සා. වට පිට බල බල දේදුනු පටු පාරක් දිගේ ගියා. මාත් පොඩි ඩිස්ටන්ස් එකක් තියාගෙන එයාගේ පස්සෙන් ගියා තඩි ගෙයක් ගාව නැවතුනු එයා ඒ ගෙදර ඩෝ බෙල් එක ගහනවා. එලියට ආවේ ජිමින් ඔප්පා...

දෙයියනේ ඒ කියන්නේ මේක bts ලගේ ඩෝම් එකද?????

ශික් විතරක් මේකි. අපිව දාල ආවනේ මේ වගේ තැනකට. දෙන්න හිතයි මට‍....

මම ආපහු හැරිලා යන්න හිතුවත් ආපහු හිතද්දී හිතුනේ ආයේ නම් මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නේ නෑ කියලා. ඉතිං මම පුරුෂ ශක්තිය හිතට අරගෙන තාප්පේ බඩගාන්න රෙඩි උනා. මීට් කලින් ට්‍රයි කරලා නැතත් නගින වැඩේ නම් එච්චර අමාරු උනේ නෑ. මම තාප්පේ නැගල තාප්පේ උඩින් ඉදගෙන පල්ලෙහා බලද්දී තමයි බය හිතුනේ. ඩෝම් එක පැත්තට බැහැ ගන්නත් බෑ. අනිත් පැත්තට බැහැ ගන්නත් බෑ. හරියට නිකන් පුසෙක් ගහ උඩ නැගල බැහැගන්න බැරුව ඉන්නවා වගේ.

අයියෝ දැන් මන් මොකද්ද කරන්නේ. බැස්සොත් වැටෙයි ද? වැටුනොත් තුවාල වෙයි... මොකක්හරි වෙලා අතක් පයක් කඩා ගත්තොත් මට‍ ආ පයින්ම ගෙදර යන්න වෙන්නෙ.... හයියෝව්.....

ඒත් එක්කම ඩෝම් එක ඇතුලෙන් කවුරුහරි එලියට ආවා. ආහ්... යුන්ගි ඔප්පා නේද? අනේ ඇති යන්තම් උදව් කරන්න අදුරන කෙනෙක් ආවා... හැබැයි උදව් ලබුනයිම් පස්සේ බැනුම් තමයි අහගන්න වෙන්නෙ.

කමක් නෑ බැනුම් අහන්නත් බැහැගන්න ඇපැයි.....

❤"ඔප්පා....."

Yoongi pov

ජිමින් ගෙ යොජාචින්ගු දේදුනු අපේ ඩෝම් එකට ආවේ අපිව අඳුරගන්න. ටික වෙලාවක් යනකම් මම හැමෝමත් එක්ක කතා කර කර ඉදලා එලියට ආවේ මට‍ කම්මැලි හිතුනු හින්ද.

Pink Hearts (Completed)Where stories live. Discover now