CHAPTER 6 ♠️

Začít od začátku
                                    

" අහ් අරූ හොදට බෙහෙත් කරලා වගේ.. එහෙනම් පහළට එන්න... 😉"

දගකාර හිනාවකුත් දාලා අමුතු තාලෙට කොණ්ඩෙත් හදන් , ඇහැකුත් ගහලා කොල්ලා මට එන්න කියාගෙනම ගියේ රූම් එකේ දොරත් වහගෙනමයි.... මොකද්ද ඒ කිව්ව කතාව ?... ඔය ඩබල් මීනින්ග් මට හරියට තේරුන් නැති වුනාට මොනා වුනත් ඒ කිව්වේ හොද දෙයක් නෙවේ කියලනම් මට තේරුණා...

එක්කෙනෙක්ගේ ඇස් දිහා බලන්න බැරි තරම් බය හිතෙනවා... අනිත් කෙනාගේ ඇස් දගකාර නිසා බලන්න ලැජ්ජ හිතෙනවා.. ඇයි මට පිරිමියෙක් ලග සැහැල්ලුවක් දැනෙන් නැත්තේ ?...

ඔව් මං පිරිමින්ට බයයි... එදා සිද්දියෙන් පස්සේ මට හිටිය එකම පිරිමි යාලුවත් මං ඈත් කලා.. ඒ තරමට මං පිරිමින්ට බයයි.... මං දන්නවා මේ අය මට උදව් කරන්නේ කියලා.. ඒත් මිනිස්සුන්ව පිට පෙනුමෙන් මනින්න බැහැනේ...

පිරිමින්ට බය මං නීතිය එක්ක කතා කරන්න ඉගෙන ගන්නවා.. මගේ ජීවිත කතාව අහන ඕනම කෙනෙක්ට ඒ දේටනම් හිනා යන් නැතුව තියෙන් නැහෑ... මොකද ඒක මටත් විහිලුවක්... සෝයොන් තනිකරම විහිලුවක්...
.
.
.
.
.
.
.
.
.

යන්තම් මූණ කට තෙමන් බාතෲම් එකේ තිබ්බ පොඩි ෆේස් ටවල් එකකින් පිහදාන්ම පහළට ගියේ වටේම ඇස් යවන ගමන්... ඒ යන ගමන් ජිමින්ගේ රූම් එක දිහාත් බලන්න අමතක කලේ නැහෑ... මොකද මගේ රූම් එක තිබ්බේ කෙලවරේම නිසා අනිත් ඔක්කොම රූම් පහු කරන් තමයි මං එන්න ඕනේ...

රූම් එක වහලා තිබ්බ නිසා හිතට සහනයක් දැනුනේ එයා තාම නිදි ඇති කියලා හිතලයි... ඒත් ඒ සැනසීම වැඩි වෙලා නොතිබ්බේ මං පහළට යද්දීම අර මාව එක්කන් ආව ඔප්පා එක්ක එයා ලොකු කතාවක ඉන්නවා දැකලයි ..

මං පහළට එද්දිම එයා මගේ දිහා බලලා දැක්කේ නැති ගානට ආයෙ අහක බලන් දිගටම කතාව කරගෙන ගියා ..

" ලොකුකම.... "

" මොකද්ද ?"

" 😲😲😲 "

මං කිව්වේ නැහෑ..හිතුවා විතරයි... ඒත් මගේ කණ ලගින්ම ඇහුන ඒ කටහඩ නිසා මාව ගැස්සිලා ගිය පාරට මං නැවතුනේ ඒ කෙනාගේ පපුවේ වැදිලා...

" ඕ මියාන්... මං ඔයාව බය කරාද... සෝයොන්ශී..."

" අහ් අනී... අනී.. මියාන් ... "

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Kde žijí příběhy. Začni objevovat