කෙල්ලට එතනිම් යන්න ඕනේ.. ඒත් ගතට වගේම හිතටත් වාරු නැහෑ....කෙල්ල කලේ අමාරුවෙන් වෙව්ලන අත් එකට කරලා ජිමින් ලග වැද වැටුන එක විතරයි....

" චේබාල්.. ම..ට... යන්න දෙන්න.... "

කෙල්ල කීප සැරයක්ම වෙව්ලන ස්වරයකින් ජිමින්ගෙන් ඉල්ලුවත් ජිමින් ඒ ගැන ගානක් නොගෙන හිනා වෙලා කෙල්ල වැටිලා හිටිය තැනට පාත් වුනා ..... වචන වලට කලින් ඉස්සර වුන ජිමින්ගේ අත සෝයොන්ගේ කට දෙපැත්තෙන් තද වෙද්දී කෙල්ලගේ ඇස් වල කදුලු ඔහේ ගලාගෙන ගිහින් ජිමින්ගේ පිට අල්ලලට වැටුනත් ජිමින් ඒ කදුලු තැකීමක් කලේ නැහෑ...

" මේක හොදට අහගන්නවා... තමුන්ව මෙහෙට ගෙනාවේ ආජුස්සීගේ ඉල්ලීම නිසා. ඒ මනුස්සයා මට මගේ අප්පා වගේ නිසා.... මං හැදුවේ තමුන්ට ඒ දේවල් හිමීට තේරුම් කරලා දෙන්න.. ඒත් තමුසෙගේ තියෙන මුරණ්ඩු කමට ඒක එහෙම තේරුම් කරලා දීලා හරියන් නෑ... එකක් මතක තියා ගන්නවා... මට තමුසෙව හුරතල් කර කර මේ ගේ අස්සේ තියන් ඉන්න බැහෑ... ඒ වගේම තමුසෙට මෙහෙන් යන්නත් බෑ... තව එක පාරක් හරි අපි ඉන්න අතරතුර තමුන් පහළට ආවොත්... මං කිව්වේ එළියට ආවොත් අර තමුසේ කලින් දැක්ක මිනිහට වුනා වගේ මේ දිළිසි දිළිසි තියෙන කකුල් දෙක මුලු ජීවිත කාලෙටම නැතුව තමයි ජීවත් වෙන්න වෙන්නේ... තේරුණානේ මං කියන එක ?... "

ජීමින් තවත් සෝයොන්ගේ කට තද කරලා අල්ලලා කිවත් කෙල්ල වචනයක්වත් නොකියා ජිමින්ගේ වියරු වැටුන ඇස් දිහා බලන් හිටියා....

" මං තමුසෙට පොඩ්ඩක්වත් කැමති නැහෑ...මං මෙහෙම හරි ඉවසන් ඉන්නේ අර අහිංසක මනුස්සයා නිසා... නැත්නම් තමුසේ නොකා නොබී මැරිලා ගියත් මට වැඩක් නැහෑ... ඉන්නවනම් ඉදපන්... නැත්නම් පැනලා යන්න ගිහින් මැරිලා පලයන්... "

තමන්ගේ අත් වලට හිර වෙලා තියා සෝයොන්ගේ මූණ පැත්තකට හරවලා තල්ලු කරලා දැම්ම ජිමින් එතනින් නැගිටලා සාක්කු වලට අත් දෙක දාන් ලොකු හුස්මක් පිට කරලා අහක බලා ගත්තා...ජිමින්ගේ ඒ වචන කෙල්ලගේ පපුවට පිහියකින් අනින තරම් දරුණු වුනා.. කොල්ලෙක් වුන ජිමින් කෙල්ලෙක්ට මේ තරම් දරුණුවට සලකන එක ගැන සෝයොන්ට දැනුනේ කලකිරීමක්...

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now