" මං... මං කොහොමද බන් ඉවසන් ඉන්නේ?.. උබ කියන්නේ මගේ කෙල්ලට වෙන මූණක් දෙනකම් මට ඉවසන් ඉන්න කියලද ?.. ඔත්තොක්කේ ?... මේ මගේ පණ ටික බන්... උඹ හොදටම දන්නවා... "

" නා අරා..... ඒත් මේ වෙලාවේ ඩොක්ටර්ස්ලා වුනත් අසරණයි.. එකක් උබ නිසා... අනික සෝයොන්ගේ මූණ ගොඩක් ඩැමේජ් නිසා... "

" මං මොන ලෝකේන් හරි සෝයොන්ට එයාගේ මූණම දෙන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක් හොයා ගන්නවා...මං කවුද කියලා උඹට අමතකද ?.. මං Black Asia බන්....මේ ලෝකේ කෙලවරට ගිහින් හරි සෝයොන්ව හොද කරන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක් මං හොයා ගන්නවා... "

" ජිමිනා... මේ අහපන්... උඹ හොදටම දන්නවා ප්ලාස්ටින් සර්ජරි වලට ලෝකේ හොදම ඩොක්ටර්ස්ලා ඉන්නේ කොරියාවේ කියලා.... ඇයි උඹට මේ සිටුවේශන් එක තේරුම් ගන්න බැරි.... "

" අරස්සෝ ... අපි මේ ගැන පස්සේ කතා කරමු... කෝමා එකේ හිටියත් සෝයොන්ට අපි කියන දේවල් ඇහෙනවා.. ඒ නිසා මේක මෙතනින් නවත්තමු... "

ජේකේගේ කණ ලගට වගේ කිට්ටු වෙලා ජිමින් ඒක කිව්වේ ජේකේට ගහන්න බැරි නිසා පුලුවන් තරම් ඉවසන්... මොකද මේ වෙලාවේ කොල්ලට අහන්න ඕනේ වුනේ හිත හදා ගන්න හරි එයාගේ හිතට හයියක් වෙන වචන විතරයි..

ජිමින්ට කේන්ති ගිහින් ඉන්නේ කියලා දන්න නිසාම ජේකේ එතනින් කතාව නවත්තලා ජිමින්ගේ පිටට තට්ටුවක් දාලා එතනින් යන්න හැරුණා.....

" ජේකේ... "

යන්න ගිය කොල්ලව ටිකකට නැවැත්තුව ජිමින් සක්කු වලට අත් දෙකත් දාන් ජේකේ ලගට ගියේ ටිකකට කලින් තිබ්බ මූණ සම්පුර්ණයෙන්ම වෙනස් කරන් ඇහිබැමකුත් උඩට කරගෙනයි...

" මේක කරපු #&#**$ ව මට හෙට වෙද්දී හොයලා දෙන්න ඕනේ... "

" අපි හොයනවා ජිමිනා.. ඒත් මේ අවට කොහෙන්වත් ඇසිඩ් ඇටෑක් එකක් ගැන information එකක් හොයා ගන්න බැරි වුනා... "

" යකෝ... අපි කවුද කියන එක උඹට මං හැම වෙලේම මතක් කරන්න ඕනේද අහ් ?.. මොන ලෝකෙකින් හරි මට ඒක හොයලා දීපන්... පල්ලී...... මං උගේ මූණ හම ගහන්නේ ඌ පණ පිටින් ඉද්දීමයි... "

" අරස්සෝ ..... උඹ කලබල නොවී ඉදපන්... "

" අහ් තව දෙයක්... ඌව හොයා ගත්තම පොඩි සීරීමක්වත් නොකර මං ලගට ගේන්න ඕනේ.. අඩුම ගානේ ඌට ගහලා රිද්දන්නවත් බෑ... අරස්සෝ ?"

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now