ජියා ඔපරේශන් එකට හැමදේම රෙඩි කරලා ඉවර වුනාට පස්සේ , තියටර් එකට එන්න කලින් මං අත් වොශ් කරන තැනට ආවේ මට මේ ගැන කිසි ගානක් නැතුව හිටිය නිසා වෙන්න ඇති....

" පේශන්ගේ මූණේ භාගයක්ම ඩැමේජ් වෙලා.... Neurosurgeonලට ( ස්නායූ ශල්‍ය වෛද්‍ය ) දෙන්න කලින් අපි ඔපරේශන් එක කරන්න ඕනේ... හාර්ට් එක ගොඩක් වීක්... "

" මං එන්න කලින් ඔක්කොම චෙක් කලා ජියා .."

" ඒත් ඩොක්ටර් අපිට ප්‍රශ්නයක් තියෙනවා..."

" මොකද්ද ?"

" චෙක් කලා කිව්වා නේද ?"

" ජියා ආදාල දේ විතරක් කතා කරන්න .... "

" පේශන්ට්ට නිර්වින්දන ඇලජි එකක් තියෙනවා.. අපිට නිර්වින්දනය කරන්න බැහෑ...එහෙම වුනොත් කෝමා එකකට යන්න පුලුවන්.. මේකේ ලොකු රිස්ක් එකක් තියෙනවා.. "

" අපි ඕපන් කරමු... ජීවත් කරනවන එකයි වැදගත්... "

" අපි කොහොමද නිර්වින්දනය නොකර ඕපන් කරන්නේ... ?"

" එහෙනම් මැරෙන්න දෙන්න... "

" ඩොක්ටර් ?.... "

" කටවහන් එනවා යන්න... මේකේ රිස්ක් එක පේශන්ට්ට සිහිය එයිද නැත්ද කියන එකනේ... අපි කරලම බලමු.. පේශන්ට්ව භාර කවුරු හරි ආවද ? අපිට එයාලගේ permission ගන්න ඕනේ.. "

" එයාගේ පවුලේ කවුරුත් නැහෑ ඩොක්ටර් ..?..."

" හරි අපි යන්...Neurosurgeonලට රෙඩි වෙලා ඉන්න කියන්න "

මං හෑන්ඩ් වොශ් කරන් ඇතුලට ගිය ගමන් නර්ස්ලා ගල්ව්ස් දාලා මාව රෙඩි කරාට පස්සේ මං ඔපරේශන් එක කරන්න පටන් ගත්තා..

" scalpel ..." ( ශරීරය කැපිමට ගන්න තියුණු ආයුධයක්.)

මං මනුස්සයෙක්ව මේ විදිහට කපන පළවෙනි වතාව නෙවේ... ඒත් මොකද්ද නුහුරු ගතියක් මට දැනෙන්න ගත්තා.. ලොකු හුස්මක් අරන් scalpel එක අතට අරන් හාර්ට් එක ඕපන් කරන්න ගත්තත් යන්තමින් ගැහෙන ඒ හදවතේ රිද්මයේ මොකද්දෝ හුරු ගතියක් මට දැනුනා... හරියට ඒක මං මීට කලින් විදලා තියෙනවා වගේ... Thoracic Surgeon කෙනෙක් විදිහට මට මේ වගේ ඕන තරම් දැනිලා ඇති.ඒත් මේක වෙනස්... හරියට මං කාලයක් තිස්සේ අහන්න ආස වුන දෙයක් වගේ...

DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Where stories live. Discover now