chapter 14 🌸

568 103 3
                                    

🧑"මාකියා...නැගිටපන්.."

🌸"කවුද..යකෝ මට මේ උදේ පාන්දර වද දෙන්නෙ.."

මගෙ ඇස් දෙකට සැරෙන් සැරෙට වැටෙන ඉර එළියත් එක්ක මට කේන්තියි..ඇයි දෙයියනෙ ඉර එළියත් මටම වද දෙන්නෙ..එහෙන් මේ මගුල් ඔලුවත් රිදෙනවා..සෙද්ද..මට හිනෙන් වගෙ ඇහෙනවා මොකෙක් හරි එකෙක් මගෙ කන ළඟ ඉදන් කෑගහනවා..හිනයක් වෙන්නැති කියලා මම කන් දෙකත් කොට්ටෙන් වහගෙන ආයෙත් නිදාගත්තෙ මගෙ ඔලුවට කවුරුහරි දෙකෙ දෙකෙ පොලුවලින් තඩි බලා වගෙ දැනෙද්දියි...

🧑"යා.....මාකි නැගිටපං කො..උබ ඊයේ රෑ බිගෙන ඔප්පලාට අර වොලට් මෑන් ගැන කියලා දැන් මට ඉන්න නෑ...නැගිටපන් මාකි"

මගේ ඔලුවේ කොට්ටයක් වදිනවාත් එක්ක..මම ඇදේ ඉද්ද ගැහුවා වගෙ වඩිවුනේ..මගේ කන ළඟ ඉදන් කවුරුහරි වොලට් මෑන් ගපුපාරට..

🌸"යා......සුයා මම හොදටම බය උනා..මගෙ ඔලුවත් රිදෙනො බං.."

🧑"උබ මට නෙවෙයි උබේ දස මහ යෝදයො හත් දෙනාට දැන්ම ඉදන් බය වෙයන්.."

🌸"දස මහ යෝදයො...උබ උදේ පාන්දර මොනවාහරි බිව්වාද..දස මහා යෝදයොලු..බය වෙන්නලු.."

🧑"ඔව්..මමනේ ඊයේ රෑ බිලා අර යොන් හා ගැන ඔප්පලාට කිය කිය මේ ගෙදර පිස්සු නැටුවේ"

🌸"ම්..ම්ම්..මො..කා.ක්ද..."

🧑"හොදට කල්පනා කරලා බලපන් ඊයේ නටපු පිස්සුව"

සුයා එහෙම කිව්වාම මගේ ඔලුව පැලෙන්න තරම් රිදෙන්න ගත්තෙ ඊයේ රෑ වෙච්ච හැම දෙයක්ම මට එකින් එක මතක් වෙද්දියි...දෙයියනේ මාකි උබ ඊයේ වයින් බිව්ව එකෙ අද වහා බෝතලක් බිපං..

🌸"අනේ සුයා...මං ඉවරයි.."

මම ඇදේ වඩිවෙලා ඉදපු සුයාව බදාගෙන කෑගහන්න ගත්තා

🧑"ඊව්...මාකි උබ ළඟ ගදේ බෑ..එහාට පලයං..මං මේ අද උදේම අවේ ජිමින් ඔප්පාත් එක්ක shopping යන්න.."

🌸"මොකක්..අපේ චිමි බොයි උබව shopping කරන්න එක්ක යනවා කිව්වාද.."

🧑"මට කිව්වේනම් නෑ...අනේ බං උබ ගිහින් අහපකො උබට යන්න ඕන විදියට මාත් එක්ක යමංකො...ප්ලිස් මාකි.."

🌸"අනී... මට බෑ.."

🧑"හරි එහෙනම් මං කියනවා ජින් ඔප්පාට වොලට් මෑන් කවුද කියලා..මාව කෑවේ නැති ටික විතරයි උබේ වොලට් මිනිහා ගැන අහලා...අපරාදේ කෝලෙජ් එකේ ඉදපු බල්ලෙක් කියලා ශෙප් කරේ.."

Forever🌸 (Completed ✔️)Where stories live. Discover now