chapter 7 🌸

622 104 0
                                    

මගෙ එකම target එක උනේ කොහොමහරි මේ shy එකේ uni යන එක විතරක්ම නිසා..මම ගොඩක් මහන්සිවෙල පාඩම් කරා...මට ක්ලාස් තිබුනෙ සතියට දවස් දෙකක් නිසා ඉතුරු දවස් ටිකෙම මම කරේ subject 3ට සමානව වේලව බෙදාගෙන වැඩකරපු එකයි...

"අයිගො දැන්නම් මගෙ කොන්දත් රිදෙනවා.."

මම කොන්දත් අතගාගන්න ගමන් වේලාව බැලුවේ දැන් වේලාව කියද කියල...

"ඕ..පාන්දර 3.45ත් වෙල.."

මට උදේ පාන්දර නැගිටිල පාඩම් කරන පුරුද්දක් නැති නිසා මම පුරුදු වෙල හිටියෙ රෑට පටන්ගෙන පාන්දර වේනකන් පාඩම් කරන්න...
එකදිගට පැය තුනක පෙපර් එකකුත් කරල මම නිදාගන්න හැදුවේ හෙටත් ක්ලාස් යන්න ඕන කියල මතක්වුන නිසයි,මම ඇදට ගිහින් අත පය හතරම හතර පැත්තට දාල උඩු අතට හන්සිවුනා... මගෙ ඇස් දෙක පියවිගෙන එනවත් එක්කම දැනුනෙ ෆෝන් එක vibration වෙනවා..

"ආශ්..මට නින්ද යාගෙන ආවා විතරයි..මොන බුරුවද මේ මහ පාන්දර මට msg එවන්නේ.."

මං msg එවපු එකාටත් බැන බැනම msg එක seen කරත් එවල තිබුනේ "😊" ඉමෝජි එකක්,එකත් unknown number එකකින්...
"මොන විකරක්ද මේ.."
එහෙම කියල මම අයෙත් මගෙ ෆොන් එකටත් බැනල ඔළුවේ ඉඳන් පෙරෙවගෙන නිදාගන්න හැදුවේ..

📲ර්..ර්..ර්..ර්..

"යා..මොන කරදරයක්ද මේ.."

මම මේ ලොකේට මොබල් ෆෝන් හදුන්වලා දුන්න මනුස්සයාටත් හිතින් බැන බැනම ෆොන් එක කනේ තියාගත්තෙ කෝල් කරන්නෙත් අර unknown number එකෙන්ම නිසා...මහ පාන්දර මගෙ නින්ද දෙසැරක්ම කඩපු තරහට මම කොල් එක අන්සර් කරේ කේන්තියෙන්..

🌸"යා...කවුද මේ ඇයි මේ මහ පාන්දර මිනිස්සුන්ට වද දෙන්නෙ..තමුන්ට නින්ද යන්නෙ නැත්නම් ගිහින් ගහකට නගිනවකො මේතන මට නිදාගන්න නෑනෙ..."

මම non stop කියවගෙන කියවගෙන ගියා..
එත් එහා පැත්තෙන් කතාකරපු කෙනා එයාගෙ නම කියනවත් එක්කම හතර ගතේ දාල හිටපු මම ඇදේ ඉද්ද ගැහුවා වගෙ කෙලින් උනා...

🔹"චෙසොංහෙයො මාකි..
මම යොන් හා..
චොංමල්‍ මියානේ ..මං හිතුවෙ ඔයා මේ වේලවට පාඩම් කරන්න නැගිට්නවා ඇති කියල..
මියානේ..මන් තියන්නම්."

Forever🌸 (Completed ✔️)Where stories live. Discover now