love should not be delayed 7 (p2)

1.1K 270 45
                                    

Love should not be delayed

( short ff )

Chapter 7 (part 2)

.......................................................................

ඩොක්ටර් ජන්කුක් එක්ක කතා කරද්දියි මිකා ටේ ට මැසේජ් එකක් දැම්මේ..ඒ වෙලේ ටේයි ජිමිනයි හොස්පිටල් එක එන ගමන් හිටියෙ..ටේයි ජිමිනුයි හොස්පිටල් එකේ ජේකේ හිටිය රූම් එක පැත්තට යද්දි ජිමින් එක පාර ටේ ගෙ අතින් අල්ලලා නැවැත්තුව.

" අආයිශ්..ටේහ්‍යුන්."

" වේ.."

" කුක්කට ගෙනාව ෆෘට්ස් ටික කාර් එකේ.."

" උබ ගෙනාවෙ නැද්ද.."

" නෑ බන්..මන් කියන්න ද උබ පලයන්කෝ..මන් ටක් ගාලා ඒ ටික අරන් එන්නම්.."

" අරසෝ.."

ජිමින් ආපහු හැරිලා යද්දි ටේ කෙලින්ම ගියේ ජේකේ ගෙ රූම් එකට.දොර අරින්න කියලා ලගට ගියත් ඇතුලෙන් ඇහිච්ච කතා බහ එක්ක ටේ ඒක අහගෙන හිටියා.මිකාට බනින හැටි අහන් ඉද්දි ටේ ගෙ ඉවසීම අන්තිම කට්ටට පැනලයි තිබ්බේ.ටේත් ඇතුලට යනවා කියලා හිතද්දිමයි මිකා ඇතුලෙ ඉදන් කදුලු හලාගෙන එලියට ආවේ.. ටේ ගෙ ඇගේ හැප්පුන පාර කෙල්ල දැක්කා ටේහ්‍යුන් කියලා..ඒත් කෙල්ලට තවත් එතන ඉන්න ඕනෙ උනේ නැති නිසාම මිකේලා ටේ ව තල්ලු කරගෙන එලියට දුවගෙන ගියා..

ජන්කුක් තාමත් අහක බලාගෙන..කොල්ලට ලැජ්ජා හිතුනා ටේ ඉස්සරහ අහන් හිටියහම..ටේ හ්‍යුන් ඇස් රතු කරගෙන කාමරේ ඇතුලට ඇවිත් දොර වහගත්තේ ජන්කුක් දිහා තරහෙන් බලන ගමන්..

" ඒයී ජේකේ.."

"................"

" උබට ඇහෙන්නැද්ද ආහ්.."

" .............."

" උබ දැන් කරේ මහලොකු වැඩක් කියලා හිතනවද..ආහ්..කතා කරපම් ඉතිම්..දැක්කද ඒ කෙල්ලගෙ මූන..අඩලා අඩලා හෙම්බත් වෙලා.."

" හ්‍යුන්ග් ඇති ඕක නවත්තගන්න.අනික හ්‍යුන්ග් ඒක අපි දෙන්නගෙ ප්‍රශ්නයක්..ඒවා හින්දා හ්‍යුන්ග් එක්ක රන්ඩු කරගන්න මට ඕනෙ නෑ.."

ජන්කුක් කියලා අහක බලාගද්දි ටේ හ්‍යුන් ජන්කුක් ට හිනා උනේ නෝන්ඩියට වගේ..

Love should not be delayed ( short ff ) #COMPLETED Tahanan ng mga kuwento. Tumuklas ngayon