Love should not be delayed 7 (p1)

1.1K 272 29
                                    

Love should not be delayed

( short ff )

Chapter 7

part 1

........................................................................

මිකාගෙ ටී ශර්ට් එක තෙත් වෙනවා එයාට දැනුනා..ඒ කියන්නේ ජන්කුක් අඩනවා..කොන්ඩෙ අතරින් මිකාගෙ ඇගිලි යද්දි ජන්කුක් තව තවත් මිකාව තුරුලු කරගත්තා..

මිකා දන්නෑ ජේකේ ඇයි මෙහෙම ඉන්නෙ කියලා.. ඒත් මේ මොහොත එයාට විදින්න ඕනෙ උනා.ඒ නිසාම ජන්කුක් ව තවත් ලගට තුරුලු කරගත්තේ අතාරින්න ලෝබ කමකට වගේ..

විනාඩි පහක් ද දහයක් ද කියලා දෙන්නටම ගානක් නෑ..මිකා නම් හිතුවේ වෙලාව නවතිනවනම් කියලා..
ජන්කුක්ව ඈත් කරන්න ඕනෙ නැති නිසාම එයත් එහෙමම සද්ද නැතුව හිටියා.වටේටම ඇහුනෙ වැස්සෙ සද්දය..

" අයින් වෙනවා.."

ජන්කුක් මිකාගෙන් ඈත් උනේ කලබලෙන්.මිකා තල්ලු උන විදිහට වැටුනෙ නැති ටික විතරයි..ජන්කුක් ආයෙත් ඔලුව අල්ලගෙන මිකා දිහා බලන්නෙ වත් නැතුව කාමරෙන් එලියට ආවේ අමුතුම ස්වරූපෙකින්..

එයා බය වෙලා..
එයා තරහෙන් ඉන්නේ..
එයා කලබල වෙලා..
ඒ ඇස් රතු වෙලා..ඒවල කදුලු..
හොදටම දාඩිය දාලා..

මොකක්ද හේතුව..මොකක්ද හේතුව..

මිකා තවත් නොහිතම ජේකේ ගෙ පස්සෙ දුවගෙන ගියේ එයාව නවත්තන්න බැරි බව දැන දැන මයි..

ජේකේ වැස්සවත් නොබලා එලියට ගිහින් කාර් එක අරගෙන යද්දි මිකේලාට බලන් ඉන්නවා ඇර වෙන මොනවා කරන්නද..මිකේලා ඒ දිහා බලන් හිටියේ කදුලු පිරුනු ඇස් වලින්..මොනවත් ම කරගන්න බැරුව අසරන වෙද්දි තිබ්බ එකම විසදුම උනේ ජිමින්ට හරි ටේ ට හරි කතා කරන එක..

කෙල්ල කලබලෙන් ෆෝන් එක සාක්කුවෙන් අරන් ජිමින් ට කතා කරා..

" ආහ් ඔප්පා ගන්නකෝ ප්ලීස් ගන්න.."

කෙල්ල ෆෝන් එක කනේ තියාගෙන අනිත් අතින් ඔලුවට අත තියන් අඩ අඩම කෑ ගැහුවේ ඉක්මනට මේක කියන්න ඕනෙ නිසා..ජිමින් ෆෝන් එක ආන්ස්වර් කරා..

" යාහ් යොබොසෙයෝ කෙල්ල..මොකෝ ජිමින් ඔප්පව මතක් වෙලා..හෙට එනවා නෙ..අපි පාටියක් දාමු හරිද..ජන්කුකා ව ඇවිස්සුවහැකි.."

Love should not be delayed ( short ff ) #COMPLETED Unde poveștirile trăiesc. Descoperă acum