A love should not be delayed 4

1K 275 39
                                    

Love should not be delayed

( short ff )

Chapter 4

.......................................................................

" ජන්කුක් "

ජේකේ නැවතිලා මිකා දිහා බලපු සීතල බැල්මට මිකාට වචනත් පැටලිලා ගියේ ඉබේටමයී...

.........................................................................

" මොකද "

ජන්කුක් ඇහුවේ පඩිපෙලේම ඉදගෙන ආයෙත් හැරිලා..
මිකා ට මුකුත්ම කියාගන්න බැරි උනා තාමත්..

" යාආආආහ් මොකද ආහ්.."

" ආහ්..මේ..මට..."

" ඉක්මනට කියනවද..."

මිකා ඕන දෙයක් වෙන්න කියලා ඔන්න ඔහෙ ජේකේට කියලා දැම්මා..

" ජන්කුක්..යුන්ගි ඔප්පා කතා කරා අද.."

"ඉතිම්.."

" එයා කිව්වා..මේ..ටික දවසකට කොරියා එන්න කියලා.."

" ඉතිම්.."

" ඉතිම් මන් යන්නද.."

මිකා දිහා බලන් හිටපු ජේකේ ආපහු ඉස්සරහ බලාගත්තේ ඒ ගමන්..

" පස්සේ කතාකරමු.."

ජේකේ කිව්වේ එච්චරයි..එයා තවත් මුකුත් නොකියම යන්න ගියා..ජේකේ යනවා මිකා බලාගෙන හිටියේ කිසිම හැගීමක් නැතුව..
කාමරේට ගිහින් ජේකේ දොර වහගත්තා විතරයි මිකත් ලොකු හුස්මක් අරගෙන ගිහින් සෝෆා එකෙන් වාඩි වුනා..

" පස්සේ කතාකරමූ කියලද ඒ කිව්වේ...
මොනවද ඒකේ පස්සේ කතාකරන්න තියන්නේ..එක්කෝ යන්න කියන්න ඕනෙ නැත්තම් එපා කියන්න ඕනේ..මෙතන බුම්මන් හැක හැක ගගා කාමරේ ට ගිහින් දොර වහගත්තම හරියනවද..මොන වගේ මනුස්සයෙක් ද මන්දා..යාආආආආආහ් ඔප්පා හෙට කෝල් කරලා ඇහුවොත්..අනේ...මොකක්ද මන් කියන්නේ..

ජේකේ ට බය නිසා ඇහුවෙ නෑ කියනවද...
එයාගෙන් ඇහුවහම පස්සේ කතාකරමූ කිව්වා කියන්නද..

අනේ මට පිස්සු හැදෙයි..."

මිකා අවසාන ටික කියලා මූනත් බෙරි කරන් එහෙමම සෝෆා එකේ ඔලුව ගහගත්තේ කොන්ඩෙත් දෙපැත්තට අදින ගමන්..

" ක්‍රීන් "

එක පාරට ෆෝන් එක වයිබ්‍රේට් උන නිසා නැගිටල ෆෝන් එක අතට අරගෙන බැලුවෝ ආපු නොටිෆිකේශන් එක..ඒක මැසේජ් එකක් ටේ ගෙන්..වැඩිය නොහිතා මැසේජ් එක ඕපන් කරපු මිකා එවලා තිබ්බ දේ දැකලා ෆෝන් එක අතෙන් වැටෙන්නැතුව රදවගත්තේ ලොකු අමාරුවකින්..

Love should not be delayed ( short ff ) #COMPLETED Where stories live. Discover now