love should not be delayed final

1.6K 307 136
                                    

Love should not be delayed

( short ff )

Chapter 8 ( final )

.......................................................................

Back to past...................................................

ඒ අතීතය වෙනස් එකක් උනා..

ඔව්..ටේ හ්‍යුන් එදා එයාර්පෝට් එකෙන් ගියේ හිතාගන්න බැරි හිතේ අමාරුවකින්..මිකේලාගෙ ඉවත්වීම එක්ක ජන්කුක් ට හොද ජීවිතයක් දෙන්න බැරි වෙච්ච එකට කොල්ලා තමන්ටම බැන ගත්තා..ඒත් ජන්කුක් ට කෑ ගැහුව එකට එයා කිසිම දවසක පසුතැවුනේ නෑ..ටේ හ්‍යුන් කිව්ව වගේම ජන්කුක් ගෙන් ඈත් උනා..කොල්ල එයාගෙන් මල්ලිට (ජේකේ ට ) වෙන්න ඕනේ සේරම දේවල් කරේ ජිමින් අතේ..ජිමින්ටත් මිකේලා ගිය එක ගැන දුකක් තිබ්බත් ජන්කුක් ව තනි කරන්න බැරි නිසා ජේකේ ගෙ වැඩ සේරම කරේ ජිමින්..ටේ හ්‍යුන් ජන්කුක් ගැන හොයලා බැලුවේ ඈත ඉදන්..වෙනද වගේ කතා කරේ නෑ..ඔෆිස් වැඩ වලදි විතරක් කතා කරත් ඒ කතා බහ අතරෙත් වචන තිබ්බේ දහයකටත් අඩුවෙන්..

ජන්කුක් හිටියේ හිතේ අමාරුවෙන්..කොල්ලාට ටේ ගේ ඈත් වීමේ පීඩනේ ගොඩක් දැනුනා..ඉස්සර ජේකේ ගෙ හැම මොහොතකටම ටේ ලගින්ම හිටියා..ඒත් එදා ඉදන් ටේ ගේ ක්‍රියාකලාපේ ජන්කුක් ට සෑහෙන්න රිද්දුවා..මේ සේරම උනේ මිකා අතින් කියන මතේ එයාගේ ඔලුව විනාස කරා මුල ඉදලම..ජන්කුක් බොන්න පටන් ගත්තා ආයෙමත්..ජිමින් හැමවෙලේම ටේ හ්‍යුන්වයි ජේකේ වයි එකතු කරන්න හැදුවත් ජේකේ ට ටේ එක්ක ආපහු කතා කරන්න ඕනෙ උනත් ටේ මගාඇරියා..

ජිමින් ගොඩක් වෙලාවට හිටියේ ජේකේ ගෙ ගෙදර..මොකද දවස් කීපයක් ම ජන්කුක් ගේ විනාස කරලා පිස්සුවක් නටන්න හදලා තිබ්බා..ජන්කුක් අඩපු වාර අනන්තයි..ඒ මොකක් නිසාද කියලා කොල්ලටවත් හිතාගන්න බැරිඋනා..මිකේලාව මතක් උනේ නෑ කිව්වොත් ඒක බොරුවක්..එහෙම මතක් වෙන වෙලාවල් වලට තමා කොල්ලා ගේ පෙරලන්නේ..

.....................

ජේකේ කාමරේට යද්දි මිකේලාගෙ කාමරේට යන්න කියලා එයාගේ හිත කෑ ගැහුව නිසාම වහලා තියන කාමරේ ගාවට ගිහින් කොල්ලා දොර ඇරියා..අවුරුද්දක් ගතවෙලා ඒත්
ඒ පලවෙනි වතාව මිකා ගියාට පස්සේ ජන්කුක් ඒ කාමරේට ගියපු.තාමත් ඒක ලස්සනයි..හරියට මිකා ඉන්නවා වගේ..ජන්කුක් ටික වෙලාවක් ඉදලා මිකේලාගේ කබඩ් එක ඇරියා..තාමත් එයාගේ ඇදුම් කීපයක් කබඩ් එකේ තිබ්බා.ජන්කුක් ඒවා දිහා බලලා ලොකු හුස්මක් පහලට දාලා කබඩ් එක වහන්න කියලා යද්දි අහම්බෙන් ඇදුම් අතර තිබුනූ මොකක්දෝ දෙයක් ජන්කුක් ගෙ ඇස් නතර උනා..ජන්කුක් ආයෙම හැරිලා ඒ තිබුන බොක්ස් එක ඕපන් කරේ මිකාගෙ ඇද උඩින් ඉදගෙන..

You've reached the end of published parts.

⏰ Last updated: Oct 08, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Love should not be delayed ( short ff ) #COMPLETED Where stories live. Discover now