Love should not be delayed 2

1.1K 282 10
                                    

Love should not be delayed ( short ff )

Chapter 2

ජොන් ජන්කුක්...කව්ද මේ අමුතු මනුස්සයා..

Back to jk's past

ජන්කුක් එහෙමනැත්තම් ජේකේ මිස්ටර් හේ සොන් ගේ පුතා..ඔව් එයත් නොහිතපු විදිහට එයාගෙ ජීවිතෙත් වෙනස් උනා..පොඩි කාලේ ඉදන්ම බිස්නස් පැත්තට බර වුනු ඒ සම්බන්දයෙන් ලොකු දක්ශතාවයක් තිබ්බ කෙනෙක් තමා ජේකේ..ජේකේ ගෙ ඔම්මා නැතිවුනේ එයා පොඩි කාලෙදිමයි..ඒත් ජේකේ ඔම්මාගේ මරනෙන් පස්සේ සෑහෙන්න වෙනස් උනා..වෙනද හිටපු සෙල්ලම් කරන දග කරන පොඩි ලමයා එයාගෙ කතාව අඩු කරා..යාලුවෝ සෑහෙන්න දෙනෙක් ගෙන් ඈත් උනා..යාලුවෝ කියලා ආස්‍රය කරෙත් පාර්ක් ජිමින් ,කිම් ටේ හ්‍යුන් කියන දෙන්නා විතරයි..ඔම්මාගේ ආදරෙත් නැති තැන ජේකේ එක්ක හිටියේ ඒ දෙන්නා..ඒ වගේම හේ සොන් කවමදාවත්ම ඔම්මා නැති අඩුව ජේකේ ට දැනෙන්න දුන්නෑ..

ජේකේ ට වයස අවුරුදු 18 වෙනකොටම හේ සොන් එයාව ඇමරිකා යැව්වේ තවත් ඉගෙන ගෙන එහෙ තිබ්බ හේ සොන් ගේ බිස්නස් ටික බලාගන්න..කියන්නත් සතුටුයි.ජේකේ නොහිතපු විදිහට බිස්නස් ටික උඩට අරන් ආව විදිහ දැකලා හේ සොන් ටත් ආවේ කියාගන්න බැරි සතුටක්..එයා ආඩම්බර උනා තමන්ගේ පුතා එහෙම දක්ශයෙක් වෙද්දි..

අවුරුදු හතරක් ජේකේ ජීවත් උනේ ඇමරිකා වල..එහෙදි එයාගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරේ සිද්ද වෙච්ච දේ එක්ක..
ජේකේ එන්න එන්න බිස්නස් දියුනු කරද්දි එයා එක්ක වැඩ කරන්න අලුත් කට්ටිය සෑහෙන්න පිරිසක් එකතු උනා..එහෙම අලුතෙන් වැඩට ආපු එක කාන්ඩෙක හිටියා..පිස්සු හුරුබුහුටි කෙල්ලෙක්..
එයා නෝරා රොසාලියා..

නෝරා ජේකේ ට ආදරේ කරන්න පටන් ගත්තේ ඔෆිස් එකේ වැඩට ඇවිත් එයාව දැකපු දවසෙමයි..නෝරා ට ඕනෙ උනත් ජේකේ ට ලන් වෙන්න එයාට බැරි උනා.මොකද ජේකේ ඒ තරම්ම බිසී..නෝරා ජේකේ ව දැක්කේ උදේට එනකොටයි හවසට යනකොටයි විතරයි..
අහම්බෙන් අහම්බෙන් ජේකේ ව බලන්න හම්බෙන චාන්ස් වලින් ඒ නිසා එයා උපරිම ප්‍රයෝජන ගත්තා..

ඔහොම ඔහොම ජේකේ ට ලන් වෙද්දි ජේකේ ටත් නෝරා ව නෝට් උනා..ටිකක්..ඒත් ජේකේ ගේ හිතකවත් ගෑනු ලමයෙක් ගැන අදහසක් ඇති වෙලා තිබ්බේ නැති තරම්..ඒත් නෝරා ව සැරින් සැරේ දකිද්දි නෝර ගේ හිනා ව දකිද්දි ජේකේ ට වෙනදා නොදැනුනු අමුත්තක් දැනුනා.නෝරා ඇත්තටමයි ජේකේ ට ආදරේ කරේ..

Love should not be delayed ( short ff ) #COMPLETED जहाँ कहानियाँ रहती हैं। अभी खोजें