10 කොටස

968 148 27
                                    

ටිකෙන් ටික සුව වුණු පොඩ්ඩා නැවතත් පරණ ජීවිතයටම හුරු වෙන්න පටන් ගත්තා .කාලයක් එකම තැනකට වෙලා හිටපු නිසා පොඩ්ඩා හිටියේ ගොඩක් අපහසුවෙන්.

ඉතින් ඒක නිසා තිසුල හිතුවා පොඩ්ඩාව ට්‍රිප් එකක් එක්කරගෙන යන්න ඕන කියලා.ඉතිං දෙමාපියන්ගෙන් අවසර ගෙන දෙන්නත් එක්කම ට්‍රිප් එක යන්න ලෑස්ති වුණා.දෙන්නම  හිතන් හිටියේ පිඩ්ඩා ගේ භාරය ඔප්පු කරන්න අනුරාධපුර  යන්න.ඒත් දේශාන්ගේ බිස්නස් වැඩ නිසා එයාලට අනුරාධපුර යන්න නොහැකි නිසා ඒ ගමන් කල් දාන්න වුණා.

ඒත් මල්ලි එක්ක නුවරඑළියේ යන්න තිසුල යෝජනා කළා.නුවරඑළිය ගිහින් නවතින්න හොටෙල් එකකුත් බුක් කරලා එක නිවාඩු දවසක උදේ පාන්දරින්ම දෙන්නත් එක්ක ගමන පිටත් වුණා .

දේශාන්ගේ කාර් එකෙන් ගමන් කළ ඔවුන් කෙළින්ම ගියේ නුවර එළියේ green mountain hotel එකට . ඒකට ගිහින් පැය කිහිපයක් විවේක ගත් ඔවුන් කෙළින්ම ගියේ දළදා මාලිගාවට.

දළදා මාලිගාව ඒ දහවලේ සුදෝ සුදු පාටින් බැබළෙමින් තිබූ අතර දකින ඕනෑම කෙනෙකුගේ හිත ශ්‍රද්ධාවෙන් පිරිලා යන නැවුම් ගතියක් සහ සන්සුන් ගතියකින් ඒ මුළු පිං බිම පුරාම තිබුණා.

අයියත් එක්ක දළදා මාලිගාවට ඇතුළු වුණු පොඩ්ඩා දළදා මාලිගාව තුළ ඇවිද ගියේ හරිම නිදස් පොඩි ළමයෙක් වගේ. පඩිපෙල් දිගේ ඉහළට නැගලා ඉහළ මාලයේ දළදා වහන්සේ ළඟ. මුළු ඉහළ මාලයම පිරෙන්න සෙනඟ හිටියත් ඒ අතරින් රොංගා ගොස් දෙදෙනාම ගෙනාපු නෙළුම් මල් පූජා කරලා පන්සිල් සමාදන් වුණේ හිත නිදහස් කරගනිමිනි.

පන්සිල් සමාදන් වී අවසානයේ තිසුල විසින් පොඩ්ඩා වෙනුවෙන් වෙච්ච භාරය හැකි ඉක්මනින් ශ්‍රී මහා බෝධිය සමීපයේ ඉටු කරන බවට පොරොන්දුව අලුත් කළා. මුළු දළදා මාලිගාව පුරාම නිදහසේ වැදුම් පිදුම් කරමින් කාලය ගත කළ ඔවුන් දෙදෙනා නුවර වැව රවුමට ආවේ කාලෙකින් ලබන නිදහස උපරිමයෙන් විඳගැනීමේ අරමුණින්.

වැව රවුම කියන්නේ ඇත්තටම ගොඩක් ආදරවන්තයන්ගේ මතක සටහන් අතර ගොඩක් දුරට මතකයේ රැදුණු ස්ථානයක්. හීනියට වැව පුරා දුවන රැළි එක්ක වැව ඉවුරු පුරා ගමන් කරන සුළං රැල්ල හැම කෙනාගෙම ගතට සිසිලසක් ගෙනාවේ හරිම අපූරූ ආශ්වාදජනක සිතුවිලි අවුස්සමිනි.

සෙල්ලක්කාරයා Where stories live. Discover now