12 කොටස

907 133 5
                                    

උදෑසන ආහාරවේල ගත්තු තිසුලත් , රුෂේනුත් ඊළගට යන්න සැලසුම් කරලා තිබුණේ හග්ගල උද්භිද උද්‍යානයට.උද්‍යානය පුරා ඇතිවෙනක්ම් නිදහසේ ඇවිදලා කරලා ඔවුන් දිවා ආහාරය රෙස්ටුරන්ට් එකකින් ලබා ගත්තා. එහෙම්මම ග්‍රෙගරි පාක් එකෙත් ඇවිදලා ඔවුන් නුවරඑළියේ යන්න පුළුවන් හැම තැනකම ඇවිදලා කියලා තවත් දවසකට පස්සේ ගෙදර ගියේ ගොඩක් සතුටින් .

ආයෙමත් අම්මා තාත්තා එක්ක කාලය ගතකරන්න ලැබීම ගැන සතුටුවුණු පොඩ්ඩා අම්මලාගේ අවසරයත් ඇතුව තිසුලව සම්පූර්ණයෙන් තමන්ගේ ගෙදරටම ගෙන්නවා ගත්තා.  වෙනමම කාමරයක් ඔහුට පිළියෙල කරදුන් රුෂේන් තවත් යෝජනාවක් තම අප්පච්චි වෙත ගෙනාවා.
ඒක තමයි ඒගොල්ලන්ගේ උණවටුන රෙස්ටුරන්ට් එක සම්පූර්ණයෙන් බලාකියාගන්න අයියට භාර දෙන එක.
මොකද එතන මැනේජර් වශයෙන් ගොඩක්ම විශ්වාසවන්ත කෙනෙක් අවශ්‍ය වුණා.

"අප්පච්චි මොකද කියන්නේ මගේ අදහස ගැන.."

"මේකයි පුතේ...අයියා නම් විශ්වාසවන්තයි තමා.. ඒත් එයාට එක්ස්පීරියන්ස් මදි...අනික එයා ඒලෙවල් වත් කරලා නෑ..."

"ඒකට මොකද අප්පච්චි අපි එයාව එක්කගෙන ගිහින් හැමදේම කියලා දෙමු...ඔයාට පුලුවන් නේ එයාට ඔක්කොම උගන්නන්න..කාලයක් යනකොට හුරුවෙයි.."

"හරි හරි පුතා අපි බලමු.."

ඒත් එක්කම දෙන්නා කතා කර කර ඉදපු තැනට තිසුල එනවා දැකපු පොඩ්ඩා අප්පච්චිට මේගැන අහන්න කියලා කිව්වා.

"තිසුල පුතා... අපේ රෙස්ටුරන්ට් එකට අලුත් මැනේජර් කෙනෙක් හොයනවා..විශ්වාසවන්ත වෙන්නත් ඕනනේ.. මොකද කියන්නේ ලබන සදුදා ඉදන් අපි යමු රෙස්ටුරන්ට් එකේ වැඩට... අපි බලමු පුතාට පුලුවන් ද කියලා වැඩේ අල්ලන් යන්න.. "

"හරි තාත්තේ ඒත් මේ මට මොනවත් තේරෙන්නෑ...ඒලෙවල් වත් කරපු එකෙක් නෙවේ නේ මන්..අනික මම නිසා තමයි තාත්තලාගේ බිස්නස් වැටුණේ..ඉතින් විශ්වාසවන්තකම් තියෙද මන් ගැන තවත් ඔයාලට.."

බිම බලාගෙන එහෙම පැවසූ අයියා කෙලින්ම පොඩ්ඩාගේ ඇස් දිහා බැලුවේ ඔහුගේ ප්‍රතිචාරය බලන්න.

සෙල්ලක්කාරයා Kde žijí příběhy. Začni objevovat