09 කොටස

948 147 8
                                    

මාලනී ලඟ හඬා වැටුණු දේශාන්ගේ හෘදසාක්ෂිය තවත් මෙම රහස සගවන් ඉඳීම ප්‍රතික්ෂේප කරා.

"දන්නවද මාලනී ...මම නිසා තමයි අද පුතා මෙහෙම ඉන්නේ...මම තමයි තිසුලව මරන්න කන්ට්‍රෑක්ට් එක දුන්නේ... ඇයි ඇයි මගේ පුතාම ඒවේලේ තිසුවා එක්ක ගියේ.."

"මොකක්...දේශාන්... ඔයා මොනාද මේ කියන්නේ..."

"ඔව් මාලනී ඒක තමයි ඇත්ත. මන් නිසා තමයි පුතාට ඒම වෙලා තියෙන්නේ .."

දේශාන් නින්දට යාමට පෙර පැවසූ ඒ වචන ටික ගැන මාලනී කල්පනා කළා. අන්තිමට තාත්තා නිසාම දරුවාට අනතුරක් වුණා නේද කියන සිතුවිල්ලත් සමග මාලනී නින්දට ගියේ පහුවදා රෝහලට යාමට තිබුණු බැවිනි.

පහුවදා උදෑසනින්ම රෝහලට පිටත් වුණු තිදෙනා හැකි ඉක්මනින් දැඩි සත්කාර ඒකකය වෙත ගමන් කළේ පොඩ්ඩාගේ තත්වය හැකි ඉක්මනින් දැනගැනීමේ අටියෙනි.

ඒ යනවිට එතන සිටි වෛද්‍යවරුන් ගෙන් තිසුල පොඩ්ඩගේ විස්තර ඇසුවේ මහත් කලබලයෙනි.

"හරි පුතා..මෙහෙම යි...එයාගේ තත්වේ භයානකයි තමයි හැබැයි තිබුණු තත්වෙත් එක්ක බැලුවම සතුටු දායකයි. එයාගේ තුවාල ගැන ප්‍රශ්නයක් නෑ. හැබැයි එයාගේ පිට හරහා එල්ල වෙච්ච පහරක් නිසා කොඳු ඇට පෙළට හානිවෙලා තියෙනවා. ඒක නම් කාලයත් එක්ක අපිට හොද කරගන්න පුලුවන් වෙයි. නමුත් තව ප්‍රශ්නයක් තීනවා.."

"ඒ මොකක්ද ඩොක්ටර්..?"

"එයා ඉන්නෙ බරපතල කෝමා එකක. එයාට බුලට් එක වදිනවත් එක්කම දැණුනු කම්පනය නිසා ත් වේදනාව නිසාත් දැන් ඉන්නේ කෝමාඅ එකක. අපි එයාට ඉක්මනින් සනීප වෙයි කියලා ප්‍රාර්ථනා කරමු."

"හරි ඩොක්ටර්...අපිට දැන් එයාව බලන්න පුලුවන් ද? "

"ඔව්..ඔයාලා එක්කෙනා එක්කෙනා වෙන වෙනම ඇතුලට යන්න. එකපාර යන්න එපා."

මල්ලිව බලන්න හොදටම ආසාව තිබුණත් මුල්ම අවස්ථාව අම්මාට දීලා තිසුල පැත්තකට වුණා.

කදුළු පිරි දෙනෙතින් රුෂේන් ව බලන්නට ගිය මව හඩාවැටුණේ වෙනදා දගකාර කොළුවා ඇදක් උඩට වෙලා ඉන්න හැටි දුටු නිසයි.

සෙල්ලක්කාරයා Where stories live. Discover now