13 කොටස

778 131 15
                                    

"කෝ මේකේ මැනේජර් මට මැනේජර්ට කතා කරන්න ඕන."

ඒත් සමගම එතනට තිසුල ඇවිදගෙන ගියා.

"සර්, මමයි මෙතන මැනේජර් "

"ආ තමුසෙද මැනේජර් .. ඒක තමයි මෙතන වැඩ කරන එවුනුත් කිසිම් මැනර්ස් එකක් දන්නේ නැති එක පුදුමයක් නෑ..."

"මොකක්ද සර් මගෙන් වෙන්න ඕන.."

අර පුද්ගලයාගේ කතාවටකේන්තියෙන් හිටියත් පුලුවන් තරම් සංයමයෙන් කතා කරේ දේශාන් ගේ ආයතනයේ ගෞරවය බේරගන්න ඕන නිසා.

"මේකයි... දැන් මෙතන අනිත් අයට බලන් ඉන්න දෙයක් නෑ ...මැනේජර් ඉදිද්දි අනිත් අය යන්න.. "

ඒත් වේටර් සහ අනිත් සේවකයින් ප්‍රශ්නයක්  ඇතිවෙයි සිතා එතනින් ඉවත් වුණේ නැහැ.ඒ වෙනකොටත් රෙස්ටුරන්ට් එකේ හිටියේ කිහිප දෙනයි . ඔවුන්ගෙන් දෙතුන් දෙනෙක් පමණක් ඉතුරුව සිටියදී අනිත් අය පිටත්ව ගොස් තිබුණා.

"ඕගොල්ලෝ යන්න මන් මේ සර් එක්ක කතා කරන්නම්.."

තිසුල අනිත් අයව එතනින් පිටත් කරලා යැව්වා. අනිත් අය සේරම දෙගිඩියාවෙන් එතනින් ගියත් ඈතට වෙලා බලන් හිටියේ අව්ලක් උනොත් මැදිහත් වෙන්න සූදානමින්.

"ම්ම් දැන් අපි අපේ කතාව පටන් ගමු.."

"මොකක්ද අපේ කතාව... සර් අපේන් වැරැද්දක් උනා නම් සොරි.. අපේ සර්විස් එකේ මොකක් හරි අඩුපාඩුවක් උනානම් ඒකටත් සොරි ..."

"හහ්හහ් හා ... සොරි... මෙතන අඩුපාඩුවක් නෑ ඕයි... තමුසෙව මෙතනට ගෙන්න ගන්න..මොකද අපි දෙන්නට පොඩි කතාවක් තීනවා.."

"මොකක්ද සර් මට තේරෙන්නේ නෑ.."

කිසිවක් නොදන්න ගාණට තිසුල උත්තර දුන්නත් මොකක් හරි අව්ලක් ලඟ ලඟම එන බව ඔහුට දැණුනා.

"හරි... දැන් තමුසෙට මාව මතක නෑ කියලද කියන්නේ...මේ මූණ මතක නෑ කියලාද කියන්නේ ..."

"නෑ සර්..මට මතක නෑ.."

"ඕ කමෝන් තිසුවා... උඹට මාව මතක නෑ... හොඳට බලපන් මගේ ඇස් දෙක දිහා...".

"මේ ඕයි..කරුණාකරලා මෙතන ගොන් ටෝල්ක් නොදී යනවද? බොහොම ඉවසීමෙන් කියන්නේ ...මට තමුසෙව මතක නෑ.."

සෙල්ලක්කාරයා Hikayelerin yaşadığı yer. Şimdi keşfedin