04 කොටස

1.3K 207 19
                                    

ඈතට දුවගෙන යන පොඩ්ඩා දිහා බලන් හිටිය තිසුවා කල්පනා කරේ මූ මේ මොන මගුලක් කරන්න යනවද කියන දේ ගැනයි.මීට කලින් මේ වගේ දෙයක් සිද්ද වෙලා තිබ්බේ නැති නිසා ඇත්තටම කිව්වොත් ඔහු තුෂ්ණිම්භූත වෙලා හිටියේ.තවමත් ඈතට දුවන රුෂේන් මොන නාඩගමක් කරනවද කියලා හිතාගන්න බැරුව සිටින අතර පොඩ්ඩා ඈතට දුවගොස් අතුරු පාරකට හැරෙන තැනකදි තිසුලට එන්නැයි කියා අත වනලා අතුරු පාරට හැරී ගමන් කරා.
තිසුල ඉක්මනින් බයික් එක ස්ටාට් කරන් ඔහු දෙසට ගියා. පාලු තැනක නැවතුණු පොඩ්ඩා ගාව බයික් එක නැවැත්තුව තිසුල කේන්තියෙන් පොඩ්ඩාට කෑගහන්න පටන් ගත්තේ පොඩ්ඩා කට අරින්නටත් කලින්.

"මොකද්ද බන් කගවේනා වගේ දුවන්නේ..උඹ හිතුවද මන් රෙස්ටුරන්ට් එක්කන් ගිහින් තොට හු**න්න හදනවා කියලා...හු*ත... මාර යකෙක් එක්ක නේ මාත් ආවේ ගමනක්...ශිට්..."

"අයියේ ඇයි මට ඕම කෑගහ්න්නේ..දැන් දන්නවද මන් ඇයි දිව්වේ කියලා...?"🥺🥺

ඇස් දෙකේ කදුළු පුරවන් පොඩ්ඩා ඇහුවේ ඒ වචන වලට ඇත්තටම ඔහුට රිදුණ නිසා.මොකද ඔහු කවදාවත් හිතුවේ නෑ එයාගේ සුදු අයියා එයාට ඒ විදියට කතා කරාවි කියලා..

"හරි හරි එහෙනම් කියපන්කෝ ඇයි උඹ දිව්වේ කියලා.."

"වෙන මුකුත් නිසා නෙවේ ඔයා යන්න ගියපු රෙස්ටුරන්ට් එක නිසා."

"ඇයි ඒ?.."

"ඒක අපේ අප්පච්චිගේ රෙස්ටුරන්ට් එක මන් කිව්වනේ එයා කරන්නේ බිස්නස් එකක් කියලා...එයා කරන්නේ හොටෙල් එකකුයි රෙස්ටුරන්ට් එකකුයි ඉතින් ඔයා යන්න ගියපු green paradise restaurant  එක අපේ අප්පච්චිගේ.ඉතින් ඔයාට ඒඑ දේවල් ඔතනට වෙලා තේරුම් කර කර ඉන්න ගිහින් කවුරුහරි ආවොත් මේ පැත්තේ හැමෝම මාව අදුරන නිසා තමයි මේ පැත්තට මන් දුවලා ආවේ.. "

"අයියෝ ශිට්... අනේ පොඩ්ඩෝ සොරි ..මන් මෙලෝ දෙයක් දන්නේ නැතුව කෑගැහුවේ...සොරි පොඩ්ඩෝ.."

එහෙම කියපු තිසුල පොඩ්ඩා ගාවට ඇවිත් පොඩ්ඩව තුරුල් කරගත්තේ ඇයි කියන්නේ තිසුලවත් දැනගෙන හිටියේ නෑ.කදුළු පිරුණු රුෂේන් ගේ මුහුණට සිනහවක් ගේන්න ඒ එකම එක වැළදගැනීමට පුලුවන් වුණා.ඒ විදියටම තත්පර කිහිපයක් ඉදපු දෙන්නා ඈතට වුණේ ලෝභකමින්.

සෙල්ලක්කාරයා Where stories live. Discover now