05 කොටස

1.3K 187 7
                                    

නිසලව තිසුල ගේ උකුලේ සිටින පොඩ්ඩා කිසිම ප්‍රතිචාරයක් නොදක්වන බව වටහා ගත් ඔහු බියට පත් වුණේ කවදාවත් නැති විදියට .

"මල්ලී... සුදූ ඇහැරෙන්න ...මොකද මේ... මාව බය කරන්නද හදන්නේ... ආ.."

කම්මුලට තට්ටුකරමින් ඔහු උත්සාහ කළේ පොඩ්ඩාව ඇහැරවන්නයි.එක සැරේම පොඩ්ඩා ඇස් ඇරලා හිනාවෙන්න පටන් ගත්තා. ඔහු මෙතෙක් වෙලා නිහඩව නිසොල්මන්ව අයියා බය කරන අදහසින් සිටියේ. එක්වරම උණු දේ නිසා කම්පනය වෙලා හිටිය තිසුවාගේ හිතට යම් අස්වැසිල්ලක් දැණුනත් තවමත් ඒයින් යථාතත්වයට පත් වන්නට නොහැකිව පොඩ්ඩගේ හිනාවෙන මූණ දිහා බලන් ඉදියා.
පොඩ්ඩා තවමත් සරදමින් සිනාසෙන්නට වුණා.

"මොකද අනේ භූතයෙක් දැකලා වගේ බය වෙලා... මහ ලොකු කට කෝ..."

එහෙම්ම පොඩ්ඩා දිහා බලන් හිටපු තිසුල දෝතින්ම පොඩ්ඩගේ හුරතල් මූණ අල්ලගෙන නලලට හාදුවක් දුන්නා.

"මන් බය වුණා..පොඩ්ඩෝ .. කවදාවත් ඒ වගේ මාව බය කරන්න එපා.. මන් කැමති නෑ ඔයාට එහෙම වෙනවා දකින්න.

සිද්ධ වෙච්ච දෙයින් පුදුමයට පත් පොඩ්ඩා තිසුල ගේ මූණ දිහා බැලුවේ ආදරයෙන්. තිසුලගෙ ඇස්වල හීනියට මෝදුවුණු කදුළු තිබ්බ බව දැක්ක පොඩ්ඩට තමන් කරපු විහිලුව එච්චර හොද දෙයක් නෙවෙයි කියලා වැටහුණා.

ඇත්තටම මුලු ප්‍රදේශය පුරාම මිනිස්සු බය කරපු මැරයෙක්ගේ ඇස් වලට කදුළු ගේන්න තුවාලයක්වත් වෙලා නැති ඒ පොඩ්ඩාගේ ඇදගෙන වැටුණු අවස්ථාවට පුලුවන් වුණා.කාලයත් එක්ක ආදරයත් එක්ක හැමදේම වෙනස් වෙනවා කියන්නේ බොරුවක් නෙවේ.

"අනේ අයියේ මම විහිලුවටනේ කරේ. මම හිතුවේ නෑ ඔයා ඔච්චර බය වෙයි කියලා...මට සමාවෙන්න.."

"හරි මැණික ආයේ ඒම කරන්න එපා."

"හාකෝ...දැන් ඉතින් හැමදාම මෙහෙම ඉන්නද කල්පනාව."

තවමත් බිම වැතිරිලා අයියගේ උකුල උඩ ඔලුව තියන් හිටපු පොඩ්ඩා එහෙම ඇහුවේ අයියගේ මූණට හිනාවක් ගේන ගමන්.

"ඔයාට ඕනනම් මෙහෙම්මම ඉමු ඉතින් මට නම් අව්ලක් නෑ.."

"අනේ මේහ් කෝලම් නැතුව නැගිට්ටවනවා මාව... වැටිච්ච මනුස්සයා තියාගෙන කෝලම් කරනවා මෙයා.."

සෙල්ලක්කාරයා Where stories live. Discover now