පළවෙනි කොටස

3.6K 273 68
                                    

මුලු දවස පුරාම වැස්ස. මොර සූරන වැස්ස එක්කම අහස පුරාම රටාවට ඉරි ඇදෙන්න විදුලි කොටනවා. කියවමින් ඉදපු ෂර්ලොක් හෝම්ස් පොත පැත්තකට දාපු රුෂේන් ඇදට ගොඩ වුණේ කම්මැලිකමට. මොහොතකට පෙර අම්මා ගෙනල්ලා තියපු තේ කෝප්පෙන් ඇදෙන හීනී උණුසුම් දුම් රැල්ල දිහා බලාගෙන රුෂේන් කල්පනාවට වැටුණා. ඇද උඩ තිබුණු පොරෝනාව ඇග වටේට ඔතාගත්තු ඔහු තේ එකත් එක්කම ෆෝන් එක අතට ගත්තේ කම්මැලිකම යවාගන්න මුහුණු පොත පැත්තට යන්න කල්පනා කරමින්. අහස කෙතරම් ගෙරෙව්වද විදුලි කෙටුවද ඔහු එය ගණනකට නොගත්තත් මව පැමිණියොත් ඔහුට සිදුවන දේ දන්නා නිසාවෙන් පොරෝනාවට වසන් වෙන පරිදි ෆෝන් එක තබා ගත්තා.

මුහුණු පොතේ ඉහළට පහළට ගමන් කරන අතරතුර ඔහු මැසේන්ජරය විවෘත කළේ එක්වරම පැමිණි මැසෙජ් එකක් නිසාවෙන්. රුෂේන්  මුහුණු පොතේ පෙනී සිටියේ වෙනත් නමකින් සාදාගත් ගිණුමකින් . සිය අනන්‍යතාවය නොපෙනෙන පරිදි ඔහු එවැනි ෆේක් ගිණුමක් නිර්මාණය කර තිබුණා.

'හේයි'

මෙය නිතර ෆේක් එකේ දකින මැසේජ් එකක් උනත් ඔහු එවේලේම ඒ මැසේජ් එක එවපු කෙනාගේ ගිණුමට ගියේ පොඩ්ඩක් පරීක්ෂා කරන්න හිතාගෙනයි. බැලූබැල්මටම එයත් ෆේක් ගිණුමක් බව වැටහුණත් ඒකේ තිබුණු පිළිවෙල ගතියට හිත යනවා.ඒ ෆේක් එකේ නම මිහිල් සත්සර .ලස්සන දෙමළ නලුවෙක්ගේ පින්තූරයක් ප්‍රොෆයිල් පික් එකේ තිබුණා. ඒකට යටින් බයෝ එකට දාලා තිබ්බේ මහ අමුතු කතාවක්

"ආදරේ හරියට  බ්‍රා එකක් වගේ පටි ටික නැත්තං ඒක බිම. කුක්කු වල බර ඉවසන්න බැරි උනාම පටි කැඩිල බිමට වැටෙනවා."

දැකපු ගමන් බකස් ගාලා හිනා යන විදියට දාපු වචන ටික දැක්කම රුෂේන් ට එයා එක්ක කතා කරන්න හිතුණා.

'හෙලෝ' කියලා රුෂේන් ඒ මැසේජ් එකට රිප්ලයි කරා. මැසේජ් එක දාලා මිනිත්තු කිහිපයකින් රිප්ලයි එකක් ආවා.

"අඩෝ කොල්ලහ් කෝමද ?"

"වරදක් නෑ අයියෝ හොදින්. ඔයාට කෝමද ?"

"මම හොදින්. තමුසෙ කෝමද මන් අයියා කියලා කියන්නේ ."

"එහෙම දන්නෑ ඉතින් .මට හිතිලා නිකමට කිව්වෙ😁😁 ඔයාගේ වයස කීයද ?"

සෙල්ලක්කාරයා Where stories live. Discover now