හතලිස් වෙනි දිගහැරුම ......

1.9K 400 66
                                    

Stubborn love .................🌹🌹🌹🌹

" සර්.....  අර කෙනාව ෆලෝ කලා... "

",තැන හොයාගත්තද...."

යීබෝ උනන්දුවෙන් ඇසුවේය ...

" ඔව් සර්... හැබැයි ඒක ගමක්..ඒක ඇතුලෙ කොතනද ඉන්නෙ කියලා හොයාගන්න බැරිවුනා..."

ඇමතුම ගත් පුද්ගලයා පැවසුවේ මද කනගාටුවක් සහිත ස්වරයකින් ය...

" හරි කමක්නෑ... අපේ කෙනෙක් අද රෑ ඔහෙට එනවා ඊට පස්සෙ ඔය දෙන්නට වෙන්න ඕනෙ විදිහ ෆියෙමින් කියයි... "

" හරි සර්...."

ඇමතුම විසන්ධිකල යීබෝ ෆියෙමින් සමග දහවල් එකට හමුවක් වෙන්කරවා ගත්තේය ...

' වෙන් ෂින් අපි ඉක්මනින් මුණගැහෙමු.... එදාට මගෙ මමාටත් කියන්න දේවල් ගොඩාක් තියෙයි... හොද හෝ නරක කෝකටත් මම ලෑස්තිවෙලා ඉන්නෙ....කවුරුත් හිතන්නෙ නෑ මම මේතරම් සූදානමින් ඉන්නවා කියලා ... '

යීබෝ තනියම සිතුවේය ....

⏰⏰

ෆියෙන්ග් හමුවන්නට යන්නට පෙර යීබෝ ශාන්ට ඇමතුමක් ගත්තේය ...

" බෝදි ..... කියන්න ...."

" කොහෙද ඉන්නෙ බනී...."

" මේ ඉන්න මගෙ පාප මිතුරොත් එක්ක තමයි බෝදි ..."

ශාන් කැමරාවට ඔවුන්ව ඇද පෙන්වීය ...

" බලන්න යාලුවන්ට කතාකරන විදිහ... ඔයානං බනියෙක්ම තමයි ...."

උදේ පටන් තිබුනු ආතතිය දැන් කොහේදෝ ගිහින්‍ ය...

" බෝදි ...... "

" හ්ම්ම්ම්ම්....."

" අද කීදෙනකුට බැන්නද..."

ශාන් හැමදාමත් වගේ ඇසුවේය ...

" අද ගනං කරන්න අමාරුයි ....."

" ඒ කියන්නෙ ගොඩාක් වැඩී .... අනේ බෝදි .... කේන්තිගන්න එපා කියලා හැමදාමත් කියනවනේ මම..."

ශාන් තරහා මුහුණක් හදාගත්තේය ... අද කොහොමත් එසේ වනබව උදැසන ඔහු ගිය ආකාරයෙන්ම ශාන් දැන සිටියේය ..

" මූණ එහෙමත් ලස්සනයි මැණික ..."

කේන්තිය පැත්තකට විසිවී ශාන්ට හිනාගියේය...

stubborn love (Yizhan ff.... Complete  )Where stories live. Discover now