දාසය වන දිගහැරුම .....

2.6K 493 94
                                    

Stubborn love ..............🌹🌹🌹🌹🌹🌹

දහසය වන දිගහැරුම ..........................

රෙස්ටුරන්ට් එකෙන් එළියට පැමින මද දුරක් යන තුරු දෙදෙනාම නිහඩව කල්පනා කරමින් සිටියේය... නිහඩතාවය බිදිමින් යීබෝ හඩ අවදිකලේය ......

",බනී.... ඔයාට තාම මාව විශ්වාස නැද්ද ..."

නිදහස් අත ශාන්ගේ අතක පටලවාගෙන යීබෝ ශාන් දෙස බලා සිනාසුනේය ...

"නෑ බෝදි මට බයක් විතරයි තියෙන්නෙ ...."

" තවත් මොනවද තියෙන බය ඔයාට ... "

" නෑ ඉතින් මැඩම් යූ උනත් මේක දැන......"

ශාන්ට තවත් යමක් කියාගන්නට නොලැබුනේ යීබෝ කතා කරන්නට පටන්ගත් නිසාවෙනි...

" බනී... බනී.... බනී.... ඔයා කොලේජ් ගිහින් ඔයාගෙ වැඩ ටික බලාගන්න ... ඒවා මගෙ වැඩ... තේරුනාද .... හැබැයි මම නැතිවෙලාවක කවුරු හරි මොනවා හරි කිව්වොත් මට අනිවාර්යයෙන් කියන්න ඕනෙ තේරුනාද   .."

ශාන් හිස සැලුවා පමණයි.....

මදක් දුර ගොස් අයිනකට කර වාහනය නැවැත්වූ යීබෝ ...

" බනී පොඩි වැඩක් තියෙනවා .... "

" මොකක්ද ..."

ශාන් දෑස් විසල් කරගෙන ඇසුවේය...
යීබෝ කාර් කැබින් එකෙන් හතරට පහට නවපු කොලයක් එළියට ගෙන ශාන් අත තැබුවේය ..

" මෙන්න මේක සම්පුර්ණ කරලා දෙන්න බනී මට ..."

ශාන්ද ඉතා ඕනෑකමින් එය දිගහරින්නට විය.. නමුත් එය දුටු පමණින් ශාන්ගේ මුහුණ ස්ට්‍රෝබෙරි මෙන් රතු පැහැයට හැරුනි .....

" ඇයි බනී.... ඔයාට ඕක දැන් සම්පූර්ණ කරන්න බැරිද... "

ඒ එදා ශාන් අසනීපව කාමරයේ ඉන්නා විට අඩක් ලියා නිම කල කවි පන්තියයි...

"සුළඟ මුදු මුත් නොපෙනෙනා ලෙස
ගතේ දැවටී ඈත ගිය විට....
දැනුන සිසිල හෙමින් සිපගෙන
නතුවුනා සිත සිසිල් පහසට.....

මොහොතකට හිත තිගැස්සී ගිය
උණුහුමක් විත් හදේ කොනකට.....
අතැර යන්නට බෑ කියාගෙන
ලැඟුම් ගෙන වාගෙයිනෙ සදහට....

හිනාවක් නැති නුඹේ ඇස් දෙක

බනී ඉතුරු ටිකත් ඕනෙ ඉතින්....."

stubborn love (Yizhan ff.... Complete  )जहाँ कहानियाँ रहती हैं। अभी खोजें