තිස් හයවෙනි දිගහැරුම .....

1.9K 428 82
                                    

Stubborn love ......🌹🌹🌹🌹🌹

තම මව මේ දිනවල කලබලයෙන් සිටින බව යීබෝ හොදින් අධ්‍යයනය කලේය... ආහාර ගන්නා විටදීත් , මුලුතැන්ගෙයි වැඩක් කරන විටදීත් ඇය සිටින්නේ කලබලයෙනි...  නිතරම දුරකතනය කනේ ගසාගෙන එහෙ මෙහෙ යන අයුරුද යීබෝ දුටුවේය ...

කොලේජ් එක අසලට කාන්තාවක් පැමිණ ගිය දිනට දින දෙකකට පසුව ඉදිරිපස ඇති රෙස්ටුරන්ට් එකකින් CcTV දර්ශන ෆියෙමින් විසින් ලබාගෙන තිබුනි.. ඒ බව ඔහු යීබෝට ඇමතුමක් දී කිව්වේය ...

" මම ශාන් එක්කම එන්නම් හතරට විතර...."

යීබෝට අවශ්‍ය වී තිබුනේ ඇයව ශාන් අදුනනවාදැයි දැනගැනීමටයි ..

සුපුරුදු පරිදි ශාන් සවස යීබෝ එනතුරු බින් සහ කුවාන් සමගින් කොලේජ් එකෙන් එළියට නොයා ගේට්ටුව අසල රැදී සිටියේය ....

" උඹව මුරකරනවට අපිට සලකන්න වෙයි හොදේ...."

බෙන්ච් එකක් මත වාඩිවී සිටින බින් කියවන්නට පටන්ගත්තේය .

" අම්මෝ මගෙ බෝදි උඹලට සලකන්නෙම නෑනේ... "

ශාන්ද බින් අසලින් වාඩිවෙමින් කීවේය ....

" මදි මදි හොදටම මදි.... සැලකිලි...."

කුවාන් ද ඊට හවුල් විය...

ඒත් සමගම යීබෝගෙ වාහනය ඒ අසල නතර විය.... ඔහු සිනාසෙමින් මිතුරන් අතරට ආවේය .. ශාන් ඉක්මනින් ඔහුගෙ අසලින් සිටගත්තේ 'මෙයා මගේ' කියන්නට මෙනි.....

"බෝදි.... මුන්ට ඔයා සලකනව මදිලු...."

යීබෝ සිනාසුනේය ....

" ඔහොමත් කියනවද බං මූන ඉස්සරහ තියාගෙන .. "

බින් ලැජ්ජාවෙන් බිම බලාගෙන පැවසුවේය ....

" හරි හරි ඒකට කමක් නැහැ දිග වීකෙන්ඩ් එකක් හම්බ උනාම අපි යමුකො කොහේ හරි ...."

යීබෝ ශාන්ගේ අතින් අල්ලා ගන්නා ගමන් පැවසුවේය  .. 

" අන්න කොල්ලෝ උඹ වගේද බලපං උඹ  ඉතින් මොන දේටත් අඩා ගත්ත ගමන්"

" අන්න කොල්ලෝ උඹ වගේද බලපං උඹ  ඉතින් මොන දේටත් අඩා ගත්ත ගමන්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
stubborn love (Yizhan ff.... Complete  )Where stories live. Discover now