විසිවන දිගහැරුම .....

2.5K 457 71
                                    

Stubborn love .................🌹🌹🌹

විසිවන දිගහැරුම ......................

සූදානම් වී යීබෝ පහලට පැමිනෙන විට ශාන් සහ මැඩම් යූ කුමකටදෝ සිනාසෙමින් සිටියේය.... යීබෝ ඔවුන්ට මද සිනහවක් පා ඉක්මනින් වාඩිවූයේ දැනටමත් ප්‍රමාද වී ඇති බැවිනි.... ශාන් ගේ හිනාව නතර නොවූ විට යීබෝ

",ශාන් ඉක්මන් කරන්න කෑවෙ නැත්නම් බඩගින්නෙ ඇදගෙන යනවා මං ඔයාව..."

යැයි තරමක් තරහෙන් පැවසුවේ ඉක්මනින් යායුතු නිසාය....

" චූටි පුතා ෆියොනා ආන්ටිලා අද ඩිනර් වලට එනවලු යූඊ එක්කම... ඔයා ලේට් වෙන්නෙ නැතුව එන්න .. දන්නවනේ ඒ මිනිස්සුන්ගෙ කටවල්..."

"ඩිනර් වලට එනවනම් කන්න දීලා යවන්න. ඕකට මම ඉන්න ඕනෙද... මිනිස්සුන්ගෙ කටවල් වලට මම බය නෑ මමා... අනික බාගෙට ඇදගත්තු ගෑණු ඉස්සරහා මං කොහොමත් ඉන්න කැමති නෑ....."

යීබෝ කේන්තියෙන් එසේ පවසා නැගී සිටියේ ශාන්ටද යමුයැයි දෑස් වලින් පවසනා අතරතුරයි....

මගක් දුර යනතුරුත් යීබෝගෙ කිසිම කතාවක් හෝ සිනාවක් නොවීය...

",අදනං ඉර පායන්නෙ නෑ වගේ..."

ශාන් බොරුවට වටපිට බලමින් පැවසුවේ ඉවසාගෙන සිට බැරිම තැනදීය...

",බනී ... මට දැන් ඔෆිස් එකට ගියපු ගමන් ඔයාව බදාගෙන විනාඩි දහයක් ඉන්නෝනේ ...."

" ඈහ් ... ඔෆිස් එකේදි.... ඇයි ඒ ...."

ශාන් දෑස් විසල් කරගෙනම යීබෝගෙන් ඇසුවේය.....

" මම කේන්තියෙන් ඉන්නෙ ඔයාට තුරුල් වෙලා ටික වෙලාවක් හිටියම ඒක හරියනවා..."

",මෙයාගෙ ගිනි නිවන්න ගානක් අයකරන්න ඕන..."

ශාන් එය හිමීට පැවසුවත් යීබෝට ඇසුනි..

" මට ඇහුනා බනියෝ... යමුකො ඔෆිස් එකට.... "

යීබෝට දැන් ශාන්ගේ අනාගතය ගැන මුල සිටම සිතන්නට අවශ්‍ය විය... ඒ නිසාවෙන් ම....

",බනී.... ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න පුරුදුවෙන්න ඕන ඔයා...."

යැයි කල්පනාවේ සිට පැවසුවේය....

stubborn love (Yizhan ff.... Complete  )Where stories live. Discover now