තිස් පස්වෙනි දිගහැරුම .........

1.9K 429 71
                                    

Stubborn love ...........🌹🌹🌹🌹🌹🌹

🚗🚗🚗🚗🚗🚗

"බ්.....රා....ස්....."

යංග් මාමා ගේට්ටුව අරින තුරුම හෝන් එක මත නැගගෙන හිටපු යීබෝ ගේට්ටුව අරින පමාවෙන්ම එය ගරාජ් එකට ගෙන ගියේ ශාන්ට බහින්නට මගින් වත් නතර නොකරයි....  වේගයෙන් බ්‍රේක් ගසා කාරය නැවතූ ඔහු ශාන්ටත් පෙර ඉන් බැස ගියේය ...

යීබෝගෙ කේන්තිය ගැන හොදින්ම දන්නා ශාන් ඇස්දෙකේ කදුලුත් පුරවගෙනම ඔහුට පිටුපසින් ආලින්දයට ඇතුලුවිය ...
පසෙක අසුනක වාඩිවී ඇය මේ සියල්ලම දෙස බලා සිටියේය ..
ශාන්ද මැඩම් යූ දැක දැකත් අහිංසක සිනාවක් පමණක් ඇයට පිලිගන්නවා ඉක්මනින් ඔහුගේ කාමරයට ගොස් දොරවසා ගත්තේය ..

' අනිවාර්යයෙන් දෙන්නා රන්ඩුවෙලා .. අපේ කුකුල් කේන්ති කාරයා පොඩි එකාට කෑගැහුවද දන්නෙ නෑ....'

මැඩම්‍ යූ එසේ සිතමින් සිටියා මිස කිසිත් අසන්නට ගියේ නැත... තරහා නිවුනාට පසු කතාකරනවා මිස දැන් අසන්නට යෑමෙන් සිදුවන්නේ තවත් කේන්තිය වැඩිවීම බව ඇය හොදින් දනී...

ශාන් කාමරයට ගොස් දොර වසාගෙන ඇදට වැටුනේ මෙතක් වේලා සිරකරගෙන සිටි කඳුලු ඔහේ පිටකර හරිමිනි.. ඇත්තෙන්ම ඔහුට යීබෝ ගැන තව තවත් ගෞරවයක් මුසු ආදරයක් ඇතිවෙන්නේ මේ තරම් ඔහු කෝපවන්නේ තමන්ට කරදරයක් වේවියැයි බියෙන්  බව දන්නා නිසාවෙනි...

📲📲📲📲📲📲📲

යීබෝ කාමරයට ගොස් මදවේලාවක් වාඩිවී හිද ෆියෙමින්ග් හට ඇමතුමක් ගෙන සිදුවී ඇති දෙය පැවසුවේය ...

" අපිට කොලේජ් එකේ ගේට් එක ලඟ CcTV රෙකෝඩ් බලන්න පුලුවන් යීබෝ .. එහෙම නැතිවුනොත් වටපිටාවෙ ෂොප් එකක හරි බලන්න පුලුවන් ... අනිවාර්යයෙන් සැක සහිතයි ඔය කියන විදිහට ... මොකද එයා ශාන්ව දන්නෙත් නෑ... ඒක භයානකයි ... එයා ලඟට නොයා දුරින් ඉදගෙන බලන්නෙ නෑනේ උවමනාවකට ආවනම්...."

" මම මේ කේන්තියෙන් ඉන්නෙ මචං ... ඒ වෙලාවෙ කිව්වනං මේ වෙනකොට මේ ප්‍රශ්නෙ විසදලනේ..."

"හරි හරි දැන් ඕකට  කොල්ලට බනින්න එපා... උඹ ගැන හිතලනේ නොකියා ඉදලා  තියෙන්නෙ .පව් අහිංසකයව මරං කෑවද අද..."

stubborn love (Yizhan ff.... Complete  )Onde histórias criam vida. Descubra agora