විසිපස් වන දිගහැරුම ......

2.3K 444 63
                                    


🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞

පුරුද්දට මෙන් පහට අවදිවූ යීබෝ පපුව මත නිදාසිටින ශාන් දෙස බලාසිටින්නට විය... තමන් ගෙවා දැමූ මේ අවුරුදු විසිහයක කාලය තුල කුමකින් හෝ උපරිම සතුටක් ලැබුවේනම් ඒ මෙම උණුසුමින් බව ඔහු  ඒ පිරුණු උවන දෙස බලමින් සිතුවේය ...

දැන්මම ශාන්ව අවදිකරන්නට ලෝබ සිතුනු නිසාවෙන් යීබෝ මතක ඇති කාලයකින් නොකල නමුත් අද පළමු වරට ඔහුව තව තවත් තුරුලුකර ගෙන යලිත්  දෑස් පියාගත්තේය ....පහට අවදිවී මොහොතක් හෝ ඇදේ නොසිට ඉන් බැස යන්නට යීබෝ නීතියක් ලෙස ඉගෙන ගෙන සිටියේය .. .

' මේ බනියා නිසා මගෙ නීතිත් බල්ලට යනවා...."

යීබෝ තමන්ටම සිනාසෙමින් සිතුවේය ..

දෑස් පියා ගත්තද ගත්තද නින්දක් අසලකටවත් එන්නේ නැත . පෙරදින ෆෙයෙමින් හමු වූ මොහොතේ සිට යීබෝගෙ සිතට වද දුන් කරුණක් විය . ෆෙයෙමින් මගින් මගටම කියා සිටියේ ශාන්ගේ  මව ගැන විස්තර නොකියා අනතුර පිළිබඳව සැකයක් ඇති බව ඔහුට පවසන ලෙසයි.. එසේ නොවුවොත් ලිපි ගොනුව සොයා ගැනීම අපහසු බවයි ඔහු පවසන්නේ ..... නමුත් ශාන් වේදනාවෙන් පසු වනවා දැකීම තරම් දුකක් යීබෝට   තවත් නැත ... කෙසේ හෝ බරපතළ කල්පනාවකින් පසුව යීබෝ අද රාත්‍රියේ දී ශාන් සමග මේ පිලිබදව කථා කිරීමට තීරණය කළේය  ..

දිගු වේලාවකට පසු යළිත් යීබෝ වෙලාව බැලුවේය . උදෑසන 6 පසු වී ඇති බව දුටු යීබෝ ,සෙමෙන් ශාන්ව සිරුරෙන් ඉවත් කර ඇඳෙන් බසින්නට සූදානම් විය ..

" අනේ..... ඉන්න බෝදි....."

ශාන් නින්දේම තදින් යීබෝව බදා ගත්තේය ...

" මම දැන් නැගිටින වෙලාවට වඩා පැයක් හිටියා ඔයා හින්දා... කම්මැලි බනි .... මට යන්න දෙන්න. .  "

"අද පාන්දර නැගිටලා මොනව කරන්නද බෝදි ... මෙන්න මෙහෙම ඉමු තව ටිකක් . .."

ශාන් යළිත් යීබෝව තදින් තුරුලු කරගෙන දෙනෙත් පියා ගත්තේය ...

🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️🏠️

උදෑසන දහයට කාර්යාලයේ රථය හෝටලය ඉදිරිපිට නවත්වා රියදුරු යීබෝට  ඇමතුමක් ගත්තේය...
ඒ වන විටත් ඔවුන් සූදානම්ව සිටි බැවින් ඉක්මනින් පිටත් විය . රියදුරු පමණක් නොව කාර්යාල සේවකයින් පවා යීබෝගෙ  වෙලාවට වැඩ කිරීමේ නීතිය හොඳින් දන්නේය  ..( ශාන්ට හැර 🤣)

stubborn love (Yizhan ff.... Complete  )Where stories live. Discover now