දෙවන දිගහැරුම

3.3K 570 110
                                    

Stubborn love .............🌹🌹🌹🌹

දෙවනි දිගහැරුම ......................

හැමදාමත් වගේ හවස් වරුව අහල පහල පොඩි එවුන් සමගින් ක්‍රිකට් ගැසීමට අසල පිට්ටනියට යන ශාන් යලි බංගලාවට පැමිනෙන්නේ අන්ධකාරයත් අතින් රැගෙනයි.
ගේට්ටුවෙන් වන්ග් බංගලාවට ඇතුලු වන සෑම මොහොතකම ශාන්ට සිහිවන්නේ ගලිවර් නව කතාවයි... මෙවන්වූ යෝධ බංගලාවක් ඉදිරියේ තමන් ලිලිපුට් කුරුමිට්ටෙකු නොවන්නේ දැයි ඔහු නිතරම සිතයි... බෙයිජිං ජනාකීර්ණ නගරයක් උවද වැන්ග් බංගලාව පිහිටා තිබෙන්නේ නගරයෙන් මදක් ඇතුලට වන්නට පිහිටි නිදහස් ගැමි පරිසරයකය...ඇතුල් වන විටම හමුවන මනාව නිර්මාණය කරන ලද විශාල මිදුල... මැදින් නිවස ලඟට වනතුරුම පිඟන් ගඩොල් ඇල්ලූ අඩිපාරකි. ගඩොල් පැහැයෙන් නිමවා ඇති බංගලාවට මෙම මිදුලත් මිශ්‍රවූවිට එය පැරණි බ්‍රිතාන්‍ය රජ සමයට අයත් නිර්මාණයක් දෝයි සිතෙයි..

ශාන් ගේට්ටුවෙන් ඇතුලුවී හෙමින් හෙමින් නිවස ඉදිරිපසට නොයා මදක් ඈතින් ඔහුත් යංග් මාමාත් හිදින කාමර වෙතට දිවගියේ ෂූයී නැන්දා දුටුවහොත් කුමක් හෝ කියා කෑගසන බැවිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් ගේට්ටුවෙන් ඇතුලුවී හෙමින් හෙමින් නිවස ඉදිරිපසට නොයා මදක් ඈතින් ඔහුත් යංග් මාමාත් හිදින කාමර වෙතට දිවගියේ ෂූයී නැන්දා දුටුවහොත් කුමක් හෝ කියා කෑගසන බැවිනි...

" ආ.. පුතා ආවද.. අද කාමරේ පරිස්සමට අස්කලා නේද?...",

යංග් මාමා නාගෙන පැමින හැමදාමත් මේ වෙලාවට කාමරයට යාබදව වාඩිවී සුරුට්ටු වර්ගයක් උරයි.....ඔහුත් වසර තිහක් මෙහිම සේවය කර ඇති අතර හොදත් නැති නරකත් නැති පුද්ගලයෙකි.. ශාන්ට සහ යංග්ට වෙන වෙනම කාමර දෙකක් සහ එකම නානකාමරයක් එහි තිබෙයි...

🌞 🌞🌞🌞🌞 🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞 

උදෑසනට අවදිවීම නම් ශාන්ට මරන්නාක් බදු රාජකාරියකි.. ඇදේ ඒ අතටත් මේ අතටත් පෙරලි පෙරලී ඉද අවසානයේ හොදටම පරක්කුවී ඇදෙන් පැනගන්නා ඔහු ඉක්මනින් සූදානම් වී බංගලාවට දුව යන්නේ මැඩම් යූට යනවා යැයි පැවසීමටයි.. අනිවාර්යයෙන් කීයක් හෝ මැඩම් යූ ඔහුට දෙන්නේ උදෑසන සහ දිවා ආහාරය ආපනශාලාවෙන් ලබාගැනීමටයි ...

stubborn love (Yizhan ff.... Complete  )Where stories live. Discover now