විසි අටවන දිගහැරුම ......

2.1K 446 62
                                    

Stubborn love ..............🌹🌹🌹🌹🌹

යීබෝ සිතාගෙන සිටි ගමන ශාන්ව රැගෙන යන්නට ඔහුට නොහැකිය...නමුත්  ඔහුව දමා යන්නට හෙතුවක් සොයාගන්නටත් නොහැකිය... උදෑසන අවදිවූ වේලාවේ පටන්ම පපුවට තුරුලු වී නිදන ශාන් දෙස බලාගෙන යීබෝ මේ කල්පනා කරන්නේ එයයි.... එදා ෂියාඕ X ෆයිල් එකෙහි තිබුනේ    " චැන්ග්සාන් වල මිස්ටර් ලියෝ ඒක හරියට මැනේජ කරලා තිබුනා..  හැබැයි තවමත් අනතුර මගහැරී නැත..."    යනුවෙනි .....

යීබෝගෙ  හිත කියන්නෙම මෙය ශාන් පිළිබඳව හෝ ඔහුගේ මව පිළිබඳව යමක් කියාය ... ඊට අමතරව මිස්ටර් ලියෝ ගේ ලිපිනය ද එහි සඳහන්ව තිබුණි .... එය මෙම ස්ථානයේ සිට සැතපුම් දෙකක පමණ දුරිනි .... හයිකුවාන් ගෙන් දැනගත් විස්තර වලට අනුව එය කුඩා ආපන ශාලාවකි...

" බෝදි... මගෙ දිහා බලාගෙන භාවනා කරනවද ...".

ශාන්ගේ හඬින් යීබෝ කල්පනා ලෝකයෙන් මිදුනේය....

" හ්ම්ම්... මේ කල්පනා කලේ උදෙන්ම බනියෙක් ගිලින්න පුලුවන්ද කියලා...."

ශාන්ගේ මුහුණ රත්පැහැ වූ අතර යලිත් යීබෝගෙ පපුවෙහි මුහුණ සඟවා ගත්තේය ....

" මැණික

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

" මැණික ...... ඔලුව උස්සන්නකො.. ඔයා නිසා මාව දැන් කම්මැලී වෙලා...."

" අද විතරනෙ ... හෙට ඉඳලා ගෙදර ගියාම මට මෙහෙම ඉන්න බෑනේ.... ඒ නිසා මට ඉන්න දෙන්න බෝදි  ...."

ශාන්ගේ කතාවට යීබෝගෙ හිතට මහාලොකු වේදනාවක් දැනුනි .... ඇත්තෙන්ම හෙට සිට යලිත් මේ උණුසුම නිදහසේ විදින්නට නොහැකි වන බව ඔහුටත් කල්පනා විය... කෙසේහෝ යීෆෙයි නැන්දා පිළිබඳව සහ ශාන් පිලිබදව ඉක්මනින් මමා සමඟ කතාකරන්නට යීබෝ තදින්ම සිතාගත්තේය ..

stubborn love (Yizhan ff.... Complete  )Where stories live. Discover now