Part 17

376 63 8
                                    

Tae pov

අපි ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට යද්දිත් ජිමිනයි,හොබීය්,සේහුනුයි ජන්කුක්ගෙ අනිත් යාලුවයි ප්‍රින්සිපල්ගෙ මෙසෙ ඉස්සරහ ඔලුව පහත් කර ගෙන හිටගෙන හිටියා.

👴තමුන්ලා දෙන්නා එනකන් තමා හිටියෙ. ඇවිල්ලා මෙතනින් හිට ගන්නවා.

මම ටග්ගලා දුවලා ගිහින් හිබීගෙ එහා පැත්තෙන් ඔලුව පහත් කරගෙන හිට ගත්තා. ඒත් කුකී තාම එතෙන්ට වෙලා ප්‍රින්සිපල් දිහා බලාගෙන් ඉන්නවා ඇහුනෙ නෑ වගේ මම එයා දිහා බලලා එරෙව්වහම එයා ඇවිත් මගෙ එහා පැත්තෙන් හිට ගත්තා. ඒත් ඔලුවනම් පහත් කර ගත්තෙ නෑ😑 මය හොදවයින් දෙකක් කියන්න හිතුනත් එතන ප්‍රින්සිපල් හිටිය නිසා කට පියාගෙන හිටියා.

විනාඩි 15 කට පස්සෙ දොර ඇර ගෙන කව්රු හරි ආපු නිසා අපි හැමෝම ඔලුව උස්සලා බැලුවෙ කව්ද කියලා. එතන හිටියෙ කුකීගෙ අප්පා😨 මරාගෙන කන්නවගේ මූනකුත් එක්ක😨

ප්‍රින්සිපල් සර් අපි දිහා බලලා කට කොනකින් හිනා වෙලා කුකීගෙ අප්පා දිහා බලල

👴ආ මිසටර් ජෙයොන් ඔයා ඉක්මනට ඇවිල්ලනෙ මම හිතන් හිටියෙ මේ කට්ටියව තව ටිකකින් එලියෙ දන ගස්සවලා තියලා අරින්න.

👨නෑ නෑ මිස්ටර් හන්ග් එහෙම කරන්න ඕනෙ නෑ. හෝසෝක්ගෙ අප්පට එන්න වෙන්නෙත් නෑ කිව්වා. මම මේ හැමෝම අපේ ගෙදර ගෙනිහිල්ල හොදවයින් දෙකක් කියලා එයාලගෙ ගෙදර ඇරලවන්නම්

එයා අපි දිහා මරන්න වගේ බැල්මක් දාලා එලියට එන්න කියලා ඔලුවෙන් සන්නා කරලා එලියට ගියා. අපි පෝලිමට එලියට යන්න පටන් ගනිද්දි කුකී ආවෙ නැති නිසා මම එයා දිහා බැලුවා. කුකී ප්‍රින්සිපල් දිහා බලාගෙන ඉදලා කට කොනකින් හිනා වෙලා මගෙ කරට අතකුත් දාගෙන එලියට ආවා.

අපි එලියට ඇවිල්ලා කාර් පාර්ක් එකට ඇවිලා නතර වෙලා කුකීගෙ අප්පා දිහා බැලුවා. එයා අපි දිහා හැගීම් විරහිත් බැල්මකින් බලගෙන් ඉදලා අන්තිමට කුකී දිහා බලලා

👨මොකද වුනේ ජන්කුක්

🐰අප්පා, එයා ටේට කරදර කරන්න හැදුවා. ඒ නිසා😏

👨එහෙමද😏 අව්ලක් නෑ හොදට ගහලා තියෙනවා😏 හැබැයි ටිකක් අඩුවෙන් ගහන්න තිබ්බෙ උගෙ අප්පටත් දැන් මමනෙ ඕක විස්තර කරන්න ඕනෙ

Love ( Taekook ) Where stories live. Discover now