🐨"අහ්. ඔව් හරි... මන් මේ ඔයත් එක්ක ටිකක් කතා කරන්න ආවේ ඔයා අළුත් group එකට තෝරගෙන නේද😊..."

❤"හ්ම්ම්. දේහ්😅...."

🐨"ඇත්තටම මන් ඔයාට කියන්න ආවේ ඔයා ටිකක් පිළිවෙලට, හැදියාවට ඉන්න බලන්න. අපි මීට කලින් හම්බුනා මතකනේ. ඒ වෙලාවේ මට‍ නම් හිතුනෙම ඔයාව කීයටවත් group එකට තෝරාගන්නේ නැති වෙයි කියලා. ඉතින් ඔයා ටිකක් හැදියාවක් ඇතුව ඉන්න බලන්න කියන්නයි මට‍ ඕනේ උනේ. Pd nim ඔයා ගැන ලොකු බලාපොරොත්තු තියාගෙනයි ඉන්නෙ. එයාගේ බලාපොරොත්තු කැඩෙන්නේ නැති වෙයි කියලා හිතනවා☺️."

හෑහ්. එතකොට මෙයා ඕක කියන්නද මෙච්චර මාව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. මොකද දන්නෑ මට‍ විතරක් විශේෂයෙන් කියන්නේ. නිකන් මං හිතාමතා කරදර හොයාගෙන යනවා කියලද දන්නෑ හිතන් ඉන්නෙ හුම්ම්🙄😒....

මම ඒකට කිසි උත්තරයක් නොදී ඔළුව විතරක් වනල හා කිව්වා.

🐨"ම්ම්ම්. ආ මේ තව දෙයක්... මන් මේ අහනවද නැද්ද කියලා හිත හිත හිටියේ😕. දැනගන්න ඕනේ නිසයි අහන්නේ. ඔයා ඔය ඇඳන් ඉන්න එක අපේ යුන්ගි හ්යුන්ග්ගෙ නේද...."

හුටා🤦‍♀️😬... මාර සීන් එක. සේජා කෝල් කරපු වෙලාවේ හදිස්සියට ආවට මට‍ ජැකට් එක දාගන්න අමතක උනානේ. දැන් මොකක්ද කියන්නේ😐.

❤"අහ්... මේ.... ඒක.... මේ😐...."

✨️"මමයි ඒක දුන්නේ හ්යුන්ග්😊...."

පිටිපස්සෙන් කවුරුහරි ඇවිල්ලා එහෙම කිව්වා. යුන්ගි ඔප්පා නම් වෙන්න බෑ එයාගේ කටහඩ මේ වගේ නෙමෙයි. මම පිටිපස්ස හැරිලා බැලුවා. මන් කීයටවත් දකින්න බලාපොරොත්තු නොවුන කෙනෙක් තමයි දැක්කේ😲....

🐨"අහ් යොන්ජුන්😊... එතකොට ඔයාද මේක දුන්නේ.... ඒත් මේක යුන්ගි හ්යුන්ග් ගෙ එකක් නෙමෙයි ද😊."

✨️"අහ් ඒක යුන්ගි හ්යුන්ග් ගෙද. ඕක කොහෙන්ද හම්බුනේ කියලා මට‍ මතක නෑ ඒත් ටික කාලෙක ඉදන් ඕක මන් ගාව තිබ්බේ. මෙයා වතුර එකක් ඇගේ හලාගෙන ඉතින් උදව්වක් විදිහට මේ ඉන්න කෙල්ලට දුන්නා. එහෙම නේද😁..."

❤"අහ්.. ආ... ඔව් ඔව්.. යොන්ජුන් තමයි දුන්නේ.... හිහි😁😅...."

Pink Hearts (Completed)Where stories live. Discover now