කැමැත්තක්

760 152 63
                                    

අැඳේ එහාටම වෙලා අත් දෙකෙන් මූණත් වහගෙන කකුල් දෙකත් ලඟටම අරන් බය වෙලා හිටියෙ සෝ යන්ග්. කෙල්ලට මේක ජීවිතේ දැකපු භයානකම දේ වුනා.  කළු වෘකයත් කෙල්ල ඉස්සරහෙන් වාඩිවුනේ තමන්ගෙ ලොං පිරුණ වලිගය කෙල්ලගෙ ශරීරය ස්පර්ශ කරන අාකාරයට. කටින් පොඩි සද්දයක් කරනගමන් වෘකයා ඉස්සරහ ගාතයෙන් කෙල්ලගෙ එක අතක් අැල්ලුවෙ දිග නියපොතු ඉස්මතු කරන්නැති විදියට. ටික වෙලාවක් තමන්ගෙ මේට් දිහා බලන් හිටපු වෘකයා අැඳෙන් පැනලා කාමරෙන් එළියට ගිහින් අාපහු කාමරේටම අාවෙ තමන්ගෙ මිනිස් ස්වරූපයට පරිවර්තනය වෙලා.

"සෝ යන්ග්, බය වුනාද ම්" අැල්ෆා අාදරණීය විදියට තමන්ගෙ මේට්ගෙන් අැහුවෙ කෙල්ලගෙ හිස එක අතකින් අතගානගමන්. 

"යා කෝ ඔය අැස් අරින්න."

"යන්න අහකට...මට මුකුත් කරන්නෙපා අනේ මන් අහිංසකයි. අනේ මට මුකුත් කරන්නෙපා...අනිත් එක..මම ඔයා වගේ වෘකයෙක් නෙමෙයි. ඔයාට වැරදීමක් වෙලා. මට යන්න දෙන්න." කෙල්ල ඉකි ගගහ කිව්වෙ දැන් ටිකකට කලින් නොහිතපු දෙයක් දැකපු නිසා අැති වුන බයට.

එ්ත් එක්කම අැල්ෆා ලූනව තමන්ගෙ පපුවට තුරුල් කරගෙන හිමීට හිස අතගෑවා.

"Hey calm down" ටික වෙලාවක් එහෙමම හිටිය කොල්ලා එතනින් පිටවුනේ කෙල්ලට තනි වෙන්න දෙන්න ඕන කියලා හිතලා.

time passed

කුස්සියෙ හදන කෑම වල සුවඳ මුළු pack house එක පුරාම පැතිරිලා. හැමෝම හරි හරියට සූදානම් වුනේ අද තවත් විශේෂ කෙනෙක් පවුලට එකතු වුන නිසා. එ් අවුරුදු හයකටත් වඩා වැඩි කාලෙක ඉඳන් හැමෝම හොයපු blue moon pack එකේ ලූනා.

"නූනා ඔයාට පුළුවන්ද සෝ යන්ග්ව එක්කන් එන්න."

"හරි මන් කරන්නම්." kim shevi; ටේගෙ මේට් කිව්වෙ ලස්සනට හිනා වෙලා.

එහෙම කියපු කෙල්ල ගියෙ සෝ යන්ග්ව එක්කන් එන්න.

සෝ යන්ග්ගෙ p.o.v

හිතාගන්න බැරි දේවල් ගොඩක් වුනා. අැත්තටම මේක හීනයක්ද? කොහොමද එයා වෘකයෙක් වුනේ. අාහ් මගෙ ඔළුවත් විකාර වෙලා. මේක හරියට සුරංගනා කතාවක් වගේ. එතකොට මෙහෙ ඉන්න හැමෝම වෘකයොද? එතකොට මාත් වෘකයෙක්ද? එ්ත් මට සීයවත් කලින් එ්ක කියලා නෑනෙ." ඔහොම හිත හිත ඉන්නකොටම දොර අැරුනා. අාහ් කාමරේට එනකොට දොරට තට්ටු කරලා එන්න දන්නෑ.

HEALER [COMPLETED]Where stories live. Discover now