Episode 4 (කෑම & ඇඳුම්)

Start from the beginning
                                    

❤"සේජ් සොරි ඈ😅....."

🧡"ආශ් දැන්වත් නිදා ගන්න දෙනවකො😡..."

මම සේජට නිදාගන්න ඇරලා මගෙ කාමරේට ආවේ මගෙ බඩු ටික අස් කර ගන්න. සේරම ඇදුම් ටික අල්මාරියට දාල, මගෙ කතා පොත් ටිකත් බෙඩ්සයිඩ් කබඩ් එක උඩින් තියලා, මන් අවුරුදු ගානක් තිස්සේ එකතු කරපු actors ලගෙයි idols ලගෙයි පෝස්ටර්, චිත්‍ර, පොටෝස් සේරම ටික එලියට ගත්තා. ඒ ටික කාමරේ බිත්ති වල අලවන්න හිතුනත් තව මාස තුනකින් යන නිසා වැඩක් නැති වෙයි කියලා හිතිලා මන් ආයෙත් ඒ ටික බෑග් එක ඇතුලට දාගත්ත.

ඊට පස්සේ මම ඊයේ bts ලට වෙච්ච වැරැද්දට සමාව ගන්නයි, කරපු උදව්වට ස්තුති කරන්නයි කාඩ් එකක් හදන්න ගත්තා😊.

කාමරේ හැම දේම අස් කරලා වොෂ් එකකුත් දාගෙන එලියට ගියා. සේජ්ගෙයි දේදුගෙයි කාමර වලට ගිහින් එයාලව ටිකක් කූද්දල මම කුස්සියට ගියේ කෑම මොනාහරි හදන්න. මෙහෙ ඉතින් ලංකාවේ කෑම හදන්න බඩු නෑනේ. මම ඊයේ ශොපින් ගිහිල්ලා ගෙනාපු රාමෙන් පැකට් ටික අතට ගත්තේ නිකන් නූඩ්ල්ස් එකක් හදන්න ඒත් ඉතින් ඔන්න ඔහේ කියලා මම රාමෙන්ම හදන්න හිතා ගත්තා😁.

මම රාමෙන් පැකට් එක අරගෙන ෆෝන් එකෙන් රෙසිපි එක හොයාගෙන හදන්න ගත්තා.

❤"ම්ම්ම්... හරි. ඒකෙන් එච්චරයි. මේකෙන් මෙච්චරයි. අරකෙන් අච්චරයි😋."

මම මටම කියන ගමන් කෑම එක හදන්න ගත්තා. ඇත්තම කිව්වොත් මම මීට කලින් රාමෙන් හදලා තිබ්බේ නම් නෑ. ඒත් මන් සාමාන්යෙන් හදන හැම කෑමම හොදට එනවා. හුගක් දෙනා මන් හදන කෑම කන්න මාරම ආසයි. ආච්චි අම්මා නම් කියන්නේ මට‍ උපතින්ම අත් ගුනේ පිහිටලා තියෙනවා කියලා😜.

මම රාමෙන් එක හදලා ඉවර වෙලා මේසෙන් තියලා කාමරේට ගියේ ට්‍රේනින් සූට් එක ඇදගන්න. ප්‍රැක්ටිස් යනකොට නිකන් ඇදුම් ඇදන් යන්න බෑනේ. මම අල්මාරියෙන් මම අලුතෙන්ම ගත්ත රෝස පාට ට්‍රේනින් සූට් එක ඇදගත්තා.

 මම අල්මාරියෙන් මම අලුතෙන්ම ගත්ත රෝස පාට ට්‍රේනින් සූට් එක ඇදගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Pink Hearts (Completed)Where stories live. Discover now