Episode 1 (පියබා යනවා මා ආකාසයේ)

Start from the beginning
                                    

❤"අනේ මන් උබට කියන්නෑ ඉතිම්😒."

ඔව් දේදුනු කියන්නෙත් අර හේටර්ස් කියන ගොබ්බ වදුරු රැලේ එක්කෙනෙක්😤. උට Ji Chan wook ඇරෙන්න අනිත් හැම කොරියන් මනුස්සයම පෙන්නේ ගෑනු වගේ. ඒකට ඉතින් මට‍ කරන්න දෙයක් නෑ ඌ කැමති kollywood actors ලටනේ🤷‍♀️.

එතකොට සේජා කියන්නේ kdrama පිස්සෙක්. Kpop වලටයි bts ලටයි අකමැත්තක් නෑ එයාලගේ සමහර සින්දු අහනවා. ඒත් පිස්සු වැටිලා නෑ. මොනා උනත් korean actors ලටන්ම් මාරම කැමතියි.

මොන වෙනස්කම තිබ්බත් ඉතින් හැමදාමත් මේ දෙන්නම තමයි මගෙ හොදම යාලුවෝ දෙන්නා.

අපි තුන්දෙනා කියව කියව airport එකෙන් එලියට ගිහාම කවුද මන්ද full suit එකක් ඇදන් ඉන්න උස අජුස්සි කෙනෙක් අපේ පැත්තට ආවා. ඇවිල්ල කාඩ් එකක් අපේ පැත්තට දික් කරලා කතා කරන්න ගත්තා.

"අන්යහසේයෝ නන් කන්ග් ජූමන් ඉම්මිදා. මම ආවේ ඔයාලව bighit එකට එක්කන් යන්න. ඔයාලා නේද ශ්‍රී ලංකා වලින් ආපු ට්‍රේනීස්ල තුන්දෙනා."

💛"අහ්... යේ යේ... ඒ අපි තමයි😁."

මම කාඩ් එක අතට ගන්නවත් එක්කම දේදුනු කිව්වා.

"එහෙනම් මේ පැත්තෙන් එන්න. ඔයාලගේ බඩු ටික ඩිකියට දාන්න🙂."

අර බොඩිගාඩ් කියලා ඉවර වෙන්නත් කලින් සේජා ගිහින් අපේ බෑග් තුනම අරන් ඒක ඇතුලට දැම්මා😅. දාල දුවලා ගිහින් කාර් එකේ වාඩි උනා. මායි දේදුනුයිත් ඉතින් ගිහින් වාඩි උනා. මට‍ හුරු කාර් එකක ඉස්සරහ සීට් එකේ යන එක නිසා මම මට කාර්සික් තියෙනවා කියලා ශේප් එකේ ගිහින් ඉස්සරහ සීට් එකේ වාඩි උනා😁.

අපේ බෑග් ටික වාහනේ එහෙමම තියෙන්න ඇරලා අපි bighit එක ළගින් බැස්සා. Bighit එක ඇතුලට ගිහාම මට‍ උන්හිටි තැනුත් අමතක උනා😍. හතරවටෙන්ම BTS. හැමතැනම bts පෝස්ටර්, බැනර් එල්ලලා තිබ්බා😍.

🧡"හලෝ මේක ඇතුලේ bts ලට මාර තැනක්නේ දීල තියෙන්නේ😮."

💛"ඒක තමයි බන්😮."

❤"ඔය කටවල් දෙක වහ ගන්න. මට‍ තව ටිකක් මගෙ ඔප්පලා දිහා බලන්න ඉන්න දීල🤩."

💛"අනේ උබේ මහලොකු ඔප්පලා. බලාගනින් ගෙදර ගිහින්🙄."

❤"හරි හරි ඉතිම්. උබ ඔහොම කිව්වට උබත් මේ කට ඇරන් බලාගෙන ඉන්නේ එයාල දිහමනේ😂."

Pink Hearts (Completed)Where stories live. Discover now